(රොමේෂ් මධුෂංක)
අපවත් වූ මුලතිව් ගුරුකන්ද රජමහා විහාරාධිපති කොළඹ මේධාලංකාරකිත්ති හිමියන්ගේ දේහය ගුරුකන්ද විහාරයට රැගෙන ඒම වළක්වාලන්නැයි එහි පිහිටි කෝවිලේ පිරිසක් කළ පැමිණිල්ල මුලතිව් මහේස්ත්‍රාත්වරයා විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
විහාරාධිපති හිමියන්ගේ දේහය පන්සලට රැගෙන පැමිණියහොත් කෝවිලේ කටයුතුවලට බාධා ඇතිවන බව පවසමින් එය වළකාලන්නැයි විහාර භූමියේ පිහිටි නිරාවිපුල්ලයාර් කෝවිලේ පිරිසක් මූලතිව් පොලීසියට පැමිණිල්ලක් කර ඇත.
එම පැමිණිල්ල මුලතිව් පොලීසිය විසින් මුලතිව් අධිකරණයට යොමු කිරීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබේ.
විහාරාධිපති හිමියෝ හදිසි රෝගී තත්ත්වයකින් පසුගියදා මහරගම අපේක්ෂා රෝහලේදී අපවත් වූහ.
අද අලුයම විහාරාධිපති හිමියන්ගේ දේහය විහාරස්ථානයට රැගෙන ගොස් ඇති අතර හෙට (23) වැනිදා සඳුදා පස්වරු 2.00 ට රජ මහා විහාරස්ථාන භූමියේදී අවසන් කටයුතු සිදු කිරීමට නියමිතය.


COMMENTS
කොහොමද සංහිඳියාව ? සිංහල බෞද්ධ රටට ඇවිත් දැන් දාන වැඩ ? නිවට පාලකයින් ඉන්නකොට මුලු රටම විනාශ වෙලා යනවා.
පන්සල් භූමියේ මොකටද කෝවිල්. වහාම කෝවිල් ඉවත් කරන්න ඕන පන්සල් වල ඉඩම් වලින්..
හිමියන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරමු. එම භුමියේ මුලින් ඉදිකර තිබුනේ පන්සල ද නැතහොත් කෝවිලද යන්න නිවැරදි ලෙස සොයා බලා, ඒ වෙනුව ඉදිකරන ලද්ද වෙනත් ස්ථානයකට ගෙන යෑම වඩා සුදුසු බව පෙනේ. නැතහොත් ඉදිරියේදී ද ගැටළු ඇති වීම වැලැක්විය නොහැකිය.
මුලින්ම හොයන්න වඩාත් පැරණි පන්සලද? කෝවිලද? කියලා...
මුලතිව් පන්සල අයින් කළොත් අපි මරාගෙන මැරෙනවා.
මෙවැනි ජාතිවාදීන් අත්අඩංගුවට නොගන්නේ සිංහල පාලකයින්ගේ නිවටකම නිසාවෙනි.
මේ රටේ ඉන්නේ සිංහලයන්ද? මේ රටේ ඉන්නේ වනචාරී දේශපාලකයන්... ඕකත් රාජපක්ෂලාගේ කුමන්ත්‍රණයක්... ලැජ්ජයි...!
ඉතින් කව්ද මෙතැන ජාතිවාදි?
මහේස්ත්‍රාත්වරයා දෙමළද?