IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


ගැමියන් හපාකෑ දිවියා පොලු පහර කා මරුදකී

සිතුම් චතුරංග
          
කිලිනොච්චිය අම්බාලකුලම් ගම්මානයට කඩාවැදුණු දිවියකු අද (21) උදෑසන වනජීවි නිලධාරියකු ඇතුළු එම ගම්මානයේ පුද්ගලයින් දසදෙනකු පමණ සපාකා ඇති බව ප‍්‍රදේශවාසීහු කියති.


ගම්මානයේ ගවයින් හා එළුවන් දඩයම් කිරීම සඳහා උදෑසන ගම්වැදුණු දිවියා ගම්වාසින් සිව්දෙනකුට ප‍්‍රථමයෙන් පහරදී සපාකා ඇති බව වනජීවි නිලධාරීන් පවසයි.


පහරදීමෙන් පසු දිවියා ප‍්‍රදේශයේ වගාබිමකට ගොස් සැගවී සිටි අතර එම අවස්ථාවේ ප‍්‍රදේශවාසීන් අතර නොසන්සුන්තාවයක් ද හට ගැණින.


දිවියා නිර්වින්දනය කර අල්ලා ගැනීම සඳහා එම ස්ථානයට පැමිණි කිලිනොච්චිය වනජීවි පශු වෛද්‍ය නිලධාරී බී. ගිරිදරන් මහතා ප‍්‍රමුඛ වනජීවි නිලධාරී කණ්ඩායමක් මෙහෙයුමක් ආරම්භ කළ අතර එම මෙහෙයුම අතරවාරයේ දී දිවියා විසින් වනජීවි නිලධාරියකුට පහරදීම හේතුවෙන් තුවාල ලබා රෝහල් ගතකරනු ලැබීය.


ගම්වාසීන් අවට ප‍්‍රදේශවල රැදී සිටීම හේතුවෙන් මෙහෙයුම සිදුකිරීමේ අපහසුතාවයක් ඇති බවට වනජීවි නිලධාරීන් ගම්වාසීන්ට දැනුම්දී ඉවත්වන ලෙස දන්වා තුවාලකරු රැගෙන වනජීවි නිලධාරීන් එම ස්ථානයෙන් ඉවත්ව ගියබව අම්බාලකුලම් ප‍්‍රදේශවාසීන් පවසා සිටියහ.

වනජීවි නිලධාරීන් ඉවත්වීමත් සමඟ ගම්වාසීන් පිරිසක් පොලූ මුගුරු අතැතිව දිවියා මරාදැමීම සඳහා සොයමින් සිටියදී එහි සිටි පිරිසට නැවත වරක් පහරදුන් දිවියා පුද්ගලයින් පස්දෙනකු සපාකෑහ.


දිවියාගේ පහරදීමත් සමඟ එම ස්ථානයට පැමිණි සෙසු ප‍්‍රදේශවාසීන් දිවියාට පොලූ මුගුරු වලින් පහරදී මරාදමණු ලැබීය.

දිවියාට පහරදී මරාදමන අවස්ථාවේ වන ජීවි නිලධාරීන් ඉවත්ව සිටි බව ප‍්‍රදේශවාසීන් කියති.

වඳවී යෑමේ තර්ජනයට ලක්ව ඇති මරාදැමුණු දිවියා දිගින් අඩි පහක් පමණ හොදින් වැඩුණු සත්වයකු බව කිලිනොච්චිය වනජීවි කාර්යාලය සඳහන් කරති.


            



අදහස් (16)

ගැමියන් හපාකෑ දිවියා පොලු පහර කා මරුදකී

Buddike Jayawardane Thursday, 21 June 2018 09:26 AM

දිවියාට පහර දීමට සම්බන්ධ සියලු දෙනාම අත්අඩංගුවට ගත යුතුයි

:       1       0

Amila Thursday, 21 June 2018 09:40 AM

දැන් ඉතින් දෙන්නා වැඩේට බහීවි...........

:       23       10

Chandana Fernando Thursday, 21 June 2018 10:00 AM

අපට නුදුරු අනාගතයේදේම මෙවන් අලංකාර සත්වයන් මේ දිවයිනෙන් වදවී යාවී . අප සත්වයන්ගේ නිජබිම සංවර්ධනය කලේ ඔවුන්ගේ දිවි පෙවෙත ගැන කිසිදු විමර්ශනයක් නොකර.......... මම කම්පවෙමි.. දුක්වෙමි..................කඳුළු සලන්නෙමි.

:       0       542

tommyThursday, 21 June 2018 02:20 PM

ඔයා ඉතින් කොළඹ පැත්තේ ඉඳගෙන කඳුළු සලන්න. මේ ගම්වැසියන් විදින දුකට කව්ද කඳුළු සලන්නේ?

:       0       2

අර්ජුන Thursday, 21 June 2018 10:16 AM

අදහස් පල කර පලක් නැත. හරිම කණගාටුදායකයි...නිවන් සුව පතමි...

:       0       83

asiri Thursday, 21 June 2018 10:30 AM

වනජීවී නිලධාරීන් හරිම දුර්වලයි දිවියා වුනත් අහිංසකයෙක්

:       0       0

janu Thursday, 21 June 2018 11:22 AM

කට්ටිය ලොකු වීරකමක් කරලා වගේ උස්සගෙන ඉන්නේ ... තිරිසන් සතුන් විදිහටම හැසිරෙනවා..

:       0       0

Dasuni Thursday, 21 June 2018 11:32 AM

මිහිපිට බුද්ධිමත්ම සත්වයා මිනිසා යන කියමන් වෙනස් කල යුතු කාලය එළඹ ඇති බව මගේ හැඟීමයි. අපරාදේ වටිනා සතෙක් අහිමි වුණා.

:       0       0

රජින්ද Thursday, 21 June 2018 12:29 PM

දැන් මේ රටේ අමනුෂ්‍ය වෙස්ගෙන ඇති මිනිස්සු කරන නින්දිත සහ පාපතර ක්‍රියා නිසා වන අලි, දිවියන්, වලසුන් ආදී මොනයම්ම සත්වයෙක් නිසා අහිමිවන මිනිස් ජීවිත දෙස කරුණාවෙන් බැලීමට නොහැක. අහිංසක වන සතුන්ගේ වන ලැහැබවල් පාපතර ලෙස ආක්‍රමණය කරන මිනිස් ප්‍රේතයින් නිසා එම සතුන්ගේ මුල් වාසභූමි සහ ආහාර සොයාගත් ක්‍රම සියල්ලම ඒ සතුන්ට අහිමි වී ඇත. මේ නිසා එම සතුන් ගම්වදියි. බලන්න මරාදැමූ මේ අසරණයට වධදෙන ආකාරය. සතුන්ට මෙතරම් අකාරුණිකවන මිනිසා කෙසේ තම වර්ගයාට මෛත්‍රී කරයිද යන ගැටලුව ඇත. මේ සත්වයා මරාදැමූ සියලු නොමිනිසුන්ට යහපතක්නම් කිසිකලෙකත් නොවෙනු ඇත.! මේ අසරණ සත්වයාට මතු උපදින කවර ආත්ම භාවයකදීවත් මෙවන් තිරිසන් ආත්මයක් නොලැබේවා...!!!

:       0       0

පිටිගල මිලානෝ Thursday, 21 June 2018 02:09 PM

මේ අපරාධය කල මිනිසුන්ව වහාම අත්අඩංගුවට ගන්න.

:       0       0

Chanak Los Angeles Thursday, 21 June 2018 02:32 PM

මනුස්සයන් කපා කොටා මරණ රටේ සතුන් ගැන කවර කතාද ?වනජීවී නිලධාරීන්ට පුහුණුවක් ලබාදෙන්න මෙවැනි තත්වයන්ට මුහුණ දෙන්නේ කොහොමද කියලා .ඉතාම කනගාටුයි !

:       0       1

samitha Thursday, 21 June 2018 03:03 PM

මෙවැනි සතෙකු මරා දැමීමට නීතියෙන් අවසරයක් නැත. මේ සතා මරා දමා ප්‍රසිධියේ සෙල්ෆිද ගනිති. පහර දී මරා දමන දර්ශනද ඇත. පොලිසිය හා නීතිය කොහිද ?

:       0       0

dhammika Thursday, 21 June 2018 03:49 PM

දිවියාගෙන් බේරෙන්න ඌව මැරූ බව ඇත්ත. ඒත් මරපු සතාව උස්සගෙන හිනාවෙවී ෆොටෝ ගහන එක ගැන නම් කණගාටුයි.

:       0       1

Jayantha de Mel Thursday, 21 June 2018 04:23 PM

වන ජීවි නිලධාරීන් තමන්ගේ රාජකාරිය නිසි ලෙස ඉටු කර නැත. "දිවියාට පහරදී මරාදමන අවස්ථාවේ වන ජීවි නිලධාරීන් ඉවත්ව සිටි බව ප‍්‍රදේශවාසීන් කියති." දිවියා බේරාගැනීමෙ මෙහෙයුම සඳහා සූදානම් නැති බව පෙනෙන්නට තිබේ. දිවියා ලංකාවේ වඳවීමේ තර්ජනයට ලක් වූ සත්ත්වයකි. එබැවින් අපි ජනතාව දැනුවත් කළ යුතු අතර මේ සත්වයාව ආරක්ෂා කළ යුතුය.

:       0       0

td Thursday, 21 June 2018 10:03 PM

ලංකාවේ මිනිසුන්ගේ නොමිනිස්කම සහ නීතිය වල් වැදී ඇතිබව මේ පළකර ඇති දසුන් වලින් මානවට පැහැදිලිවේ. වනසතුන්ටත් වඩා පහත් මානසික තත්වයකින් කටයුතුකර ඇති බව පැහැදිලිවේ. පොලිසිය පැමිණ ගම්වාසීන් විසිරුවා හැර වනජීවි නිලධාරීන්ට ඔවුන්ගේ රාජකාරිය කිරීමට වතාවරණය සකස් කරදිමවෙනුවට වනජීවි නිලධාරීන් සහ පොලිසිය ගම්මුන්ට කොටියා හෝ දිවියා අල්ලා ගැනීමට ගැනීමට බාරදී ඔවුන්ගේ රාජකාරිය මගහැර ඇතිබව මනාවට පෙන්නුම් කර ඇත. කොටියා හෝ දිවියා මරා දැමීමට අවස්ථාව සලසා දුන් වනජීවි නිලධාරීන් සහ පොලිසිය නිතිය නිසියාකාරව ක්‍රියාත්මක නොකිරීම සම්බන්දව රජය විසින් පරීක්ෂණයක් කළයුතුව තිබේ. මිනිසුන් නීතිය අතට ගන්නේ නීතිය ක්‍රියාත්මක කරන අයවලුන්ගේ නිසි මැදිහත්වීම නොමැතිවීම බව කණගාටුවෙන් කිවයුතුමය.

:       0       0

theshan Friday, 22 June 2018 02:50 AM

හරිම දුකඊ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 498 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 104 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 307 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site