(නිමන්ති රණසිංහ)
අධිකරණයට බාරවු හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත් මහතා ඇතුළු තිදෙනා ලබන 15 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (13) නියෝග කළාය.
කොල්ලුපිටිය රිජන්ට් හෝටල් සංකිර්ණයට වෙන් කර තිබු මුදලින් රුපියල් මිලියන 8.5 ක් හම්බන්තොට ඇති එම හෝටලයටම යොදවා මුදල් අවභාවිතා කළැයි ඔහුට එරෙහිව ඇති චෝදනාව වේ.
(ජායාරූප - ඉෂාන් සංජිව)

COMMENTS
අපෝ ඕක පොඩි දෙයක්... 15 වෙනිදාම එළියට එයි.
කුම්බලා මාළු කෑවා නම්. විඳවපන් බලලෝ කිව්වලු...
මේ ගාණ ළුෑණු බික් දෙකක් වගේ... ඒකනේ ළුෑණු බික නිදහසේ.... බික් දෙක රිමාන්ඩ්...
මෙම හෝටලයට අයිති එක තට්ටුවක් තමන්ට නොදීම නිසා උරණවූ පසුගිය රජයේ ප්‍රබලයෙක් මෙය රජයට පවරාගෙන තමන්ගේ හිතුමතේට මුදල් උපයාගත් බව ප්‍රසිද්ධ රහසකි. මෙම ප්‍රබලයාගේ අත යට වැඩ සියල්ල මෙහෙයවූ පුද්ගලයා දැන් අත්අඩංගුවේ සිටින අතර අනිකුත් පිරිස ළඟදීම අත්අඩංගුවට පත් වෙනු ඇති. මෙම ප්‍රබල පුද්ගලයා ඇමෙරිකාවේ පදිංචි සියයට දහයේ කොමිස් ගත අයෙකි.
මෙයාගේ කොළඹ හතේ ගෙවල් සහ අනිත් ගෙවල් කීයක් තියෙනවාද? මෙයාගේ ඥාති සහෝදරයා රටේ නායකයා වීමට පෙර මොහුට ගෙයක්වත් තිබුණාද? ඒ දවස්වල මෙයාගේ ලොකුම වාහනේ මෝටර් බයිසිකලයද?
මෙයා මහින්දගේ ඥාති සහෝදරයා. අනිත් කෙනා උදයංග වීරතුංග. දෙන්නම ඉස්සර ගියේ බයිසිකල්වල තමයි.
අනේ සල්ලි ඒ මිනිහ අරන් නැහැනේ... එම හොටෙල් එකේම වෙන ශාඛාවකට නේ දීලා තියෙන්නේ.. ඔක්කොම රට ඇතුලේ දේපල නේද?
රුවන් අපි දන්නවා කව්ද කියලා එයා, මෙම ප්‍රබල පුද්ගලයා ඇමෙරිකාවේ පදිංචි සියයට දහයේ කොමිස් ගත අයෙකි කියලා තියෙනවනේ... කොහොමත් ඕවා සුළු දේවල්, 15 උදයේම එළියට ඒවි... කළු කෝට් කාරයෝ ටිකක් පස්සෙන් යාවි!!! නිකම්ම එළියට ඒවි!!! කෙහෙල් කැනක් කපපු, බුරුවා ගහපු, නැති බැරි කමට රස්සාව කරගෙන ඉන්න අහිංසක කාන්තාවෝ, හිර ගෙදර බස් එකේ නැගලා... පුරුදු හිර ගෙදරට යාවි...
මෙතන රුපියල් මිලියන 8.5 ක නීතිය ක්‍රියාත්මකයි. හරිම හොඳයි. මහබැංකු හොරකමේ පාඩුව රුපියල් ට්‍රිලියනයයි. එයාලටත් ඔය වගේ ක්ෂණිකව නීතිය ක්‍රියාවේ යොදවන්න.
ගාමිණි සෙනරත් මහතා බන්ධනාගාර රෝහලේ වෙන්න ඇති. මලික් සමරවික්‍රම මහතා කළගුණසලකයි. නඩුව කල්යයි 2020 මාර්තු මාසයට. නීතිය සැමට සාධාරණයි...
හරි යහපාලනයක් තිබුණා නම් මේ වගේ උදවිය හිරේ ඉන්න තිබුනේ මීට කලින්. ඊයේ අනුරාධපුරේ සෙනඟ දැකල අද බොරු ෂෝ එකක් දානවා. අපි යහපාලනේට ඡන්දෙ දුන්නත් දැන් නම් මේ බොරුව එපා වෙලා. අායෙත් පරණ උදවියට බාර දුන්නත් මේ කරපු හොරකම් ආයෙත් කරනවා. ජනතාවට බුදු සරණයි ... දෙවි පිහිටයි ...
15 වැනිදාට ෂුවර් එකටම මිනිහා නිදහස්...
ලංකා ජයරත්න මෙනවිය, ඔයාට මහා බැංකු හොරුන්ට දඬුවම් දෙන්න වුණොත් එයාලටත් මෙවැනි දඬුවම් දෙනවද? මොකද ඔබ දීපු තීන්දු මට හොඳට මතකයි. මට නම් හිතෙන්නේ ඔබ සිරිකොතෙන් ආපු නඩු කාර මෙනෙවියක් කියලයි..
මේ ගොල්ලොත් එක්ක හාමුදුරුවරුත් වඩිනවනේ.
මෙම හොරුන්ට නිසි දඬුවම් නොදීම ගැන යහපාලනේ සියල්ලන්ට පසු තැවිලිවීමට සිදුවනු ඇත. ඡන්දය දීපු 62 ලක්ෂය මානසික කම්පනයෙන් වියවුලට පත්වනු ඇත.
හාමුදුරුවරු අනුගමනය කරන්නේ ධර්මය රකින්න වෙන්න ඇති....
ඔය කට්ටිය මොකද ඔතන කරන්නේ? බුදුහාමුදුරුවන්ගේ ධර්මයට අනුව කටයුතු කරන ගමන්ද?
හාමුදුරුවරු අද නොකරන්නේ මොනවද?
වැරදිලාවත් නඩුවෙන් වැරදි කරුවෙලා හිරේට නියම උනොත් ලොක්ක කියයි මම තමයි ඕඩර් එක එක දුන්නේ කියල.
මේ ගොල්ලන්ගේ හොරකම් වෙලාවට එලියට එයි. චන්දෙ කිට්ටු වෙලා ජනතාවට කට උත්තර නැති වෙන්න.
ගාමිණි සෙනරත් අද බන්ධනාගාර රෝහලට යයි. සාගල රත්නායක මහතා කළගුණසලකයි. නඩුව කල්යයි මාස හය,අවුරුද්ද දෙක.නීතිය සැමට සාධාරණයි.මේ ඇමති තමයි පහුගිය හොර නඩු ඔක්කොම බේරන්නේ.ලබන ඡන්දෙදි බලාගමු.
බය වෙන්ඩ දෙයක් නෑ. පිණ්ඩපාතේ ගිහින් ඇප දේවි !
අනේ අපේ සිවුරට ගිය කල හොරුසමග එකට සංසාරෙන් එතරවන්න බලනවා වෙන්න ඇති.....
මෙයා කරලා තියෙන්නේ මී හෝටලේ සල්ලි අනිත් හෝටලේ හදන්ඩ දාපු එකනේ ඉතින් එක මහා ලොකු වරදක්ද? සල්ලි ටික ආපහු ගෙවන්ඩ කියන්ඩ එයා ගෙවාවී.
හොරු සමග කහ කුරුල්ලෝ නාට්‍ය දැන් රංග දැක්වේ