ලිට්රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් සාපරාධී ලෙස සාවද්‍ය පරිහරණය කළැයි චෝදනා ලැබ සිටින හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත් මහතා ඇතුළු සිව්දෙනාට එරෙහි පවරා ඇති නඩුවට විශේෂ මහාධිකරණය හමුවේ පෙනී සිටීම සඳහා මීට සුළු වේලාවකට පෙර ඔවුහු අධිකරණයට පැමිණියහ.
සෙසු සැකකරුවෝ වන ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ කළමනාකරණ අධ්යක්ෂ ලෙස කටයුතු කළ පියදාස කුඩාබාලගේ , හිටපු සමෘද්ධි කොමසාරිස් නීල් බණ්ඩාර හපුවින්න සහ ලසන්ත බණ්ඩාර යන සෙසු සැකකරුවෝද අධිකරණයේ පෙනී සිටීම සඳහා පැමිණ සිටිති.
මූල්‍ය චෝදනා සම්බන්ධයෙන් නඩු කඩිනම් කිරීම සඳහා පිහිට වු විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේ විභාග වන පළමු නඩුව මෙය වේ.
ඡායාරූප - ළහිරු හර්ෂණ


COMMENTS
හොරු උසාවි යන්නෙත් මගුල් ගෙවල්වල යනව වගෙ.කොහොමත් මේ මිනිස්සු දන්නව හොරා කෑවට මේ කපේදි දඩුවම් නොලැබෙන බව.මේ රජය එදා කියපු දේවල් ඇත්තනම් මේ අය හිරේ තුන් වෙනි අවුරුද්දත් පහුකරල.
මේ ඉන්නේ එල්ලලා මරන්න ඕනේ කට්ටිය
ජීවන බරින් මිරිකිල දැඩි පීඩනයෙන් ඉන්න ජනතාවට බොරු "ශෝ"පෙන්වනව. මේ කපේදී මුන්ව හිරේ දාන්නෙත් නැ වෙච්ච අලාභ පියවගන්නෙත් නැ.ඉදිරියට එන ඡන්ද සඳහා ජනතාවටගේ හිත දිනාගන්න කරන බොරු උප්පරවැට්ටි.
තම රට වෙනුවෙන් අවංකව සේවය කරන පුද්ගලයන්ගේ සිත් සැමවිටම සැහැල්ලුවෙන් පවතින බැවින් ඔවුන් නිරෝගී මිනිසුන් බවට සමාජයේ ඕනා තරම් උදාහරණ අපහට දැක ගත හැක. නමුත් මිනිස් ආත්ම ලබපු වංක තිරිසනුන් මැරෙන්නෙත් අනේකවිද ලෙඩරෝගවලට ගොදුරුවී අපාදුක් විදීමෙන් පසුවය. උන්ගේ පවුල්ද අනේකවිද දුක් කම්කටුලුවලට මුණපා ජිවිත විනාශවී ඇතිබවට අවට පරිසරයෙන් යහමින් උදාහරණ ඇත.
මෙයාලා හොරෙන් කාපුවගේ පව් ගෙවන්න වෙලා තියෙන්නේ අහිංසක බදු ගෙවන අපිට
අධිකරණය කියන්නේ වවාගත් තැනක් නිසා ඊට ගැලපෙන ඇදුමකින් කවුරු උනත් යායුතුයි. නැතිනම් එක අධිකරණයට අපහාස කලා කියලා දඩුවම් ලැබිය යුතු කරුණක් බව සම පුරවැසියෙකුම දැනගත් යුතුයි.
මේ හොදටම ඔප්පුවෙන හොරකම් වලට මේ අයගේ දේපල තහනම් කරලා හොරා කාපු ප්‍රකෝටි ගනම් මුදල් ජනසතු කලා නම්, මහජනතාවට ඒකවත් යම් සහනයක් වෙය්.බලමුකෝ විසේස අදිකරණයේ වැඩ කොහොමද කියල.