(මනෝප‍්‍රිය ගුණසේකර)
නඩු ප්‍රමාදවීම් මඟහැරවීමේ අරමුණින් පිහිටවනු ලැබු ප‍්‍රථම තී‍්‍ර පුදගල විශේෂ මහාධිකරණය හමුවේ පවරන ලද ප‍්‍රථම නඩුව අනිද්දා (24) එම විශේෂ මහාධිකරණය හමුවේ කැදවීමට නියමිතය.
ලිට්රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් සාපරාධී ලෙස සාවද්‍ය පරිහරණය කළ බවට මුදල් විශූද්ධිකරණ පනත යටතේ චෝදනා කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප‍්‍රධානියා ලෙස කටයුතු කළ ගාමිණි සෙනරත් මහතා ඇතුළු සිව් දෙනකුට එරෙහිව පවරා ඇති නඩුව ප‍්‍රථම නඩුව ලෙස විශේෂ මහාධිකරණය හමුවේ කැදවීමට නියමිතය.
ත්‍රි පුදගල විශේෂ මහාධිකරණයේ ප‍්‍රථම විනිසුරු මඩුල්ල ලෙස පත් කරනු ලැබ සිටින කොළඹ මහාධිකරණයේ කටයුතු කරන සම්පත් විජේරත්න, සම්පත් අබේකෝන් සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ල හමුවේ මෙහි නඩු විභාග කිරීමට නියමිතය.
විශේෂ මහාධිකරණයේ අධිකාරී පත‍්‍රය කොළඹ මහාධිකරණයේ ප‍්‍රධාන ලේඛාධිකාරී උපුල් නන්දන මහතාට බාරදුන් අතර ඒ අනුව හෙට දින සිට මෙම අධිකරණයේ නඩු විභාග කිරීම සදහා නීතීමය අවසරය ඇත.
COMMENTS
නාට්‍ය කලාවේ නව නැම්මක්. අවුරුදු තුනක් බොරු කරපු ආණ්ඩුවක් පළාත් සභා ඡන්දය ලං වෙද්දී තවත් නාට්ටි රඟ දැක්වීමට නියමිතව ඇත. තවත් මෙවන් රංගන බලාපොරොත්තු වන්න.
ගාමිණි සෙනරත්ට දැන් වෙලා තියෙන්නේ වදින්න ගිය දේවාලය හිසේ කඩා වැටුනා වගේ අකරතැබ්බයක් නොවැ.
දෑස් කළු රෙදි පටියකින් බැඳ අතේ සමබර තුලාවක් රැගෙන සිටින නීතියේ දෙව්දුවගේ සැමට සාධාරණ භාවයත්,අපක්ෂපාතීත්වයත් ලබා ගැනීමට සිරිලක් වැසියන්ට හැකිවී සැබෑ නීති ගරුක සමාජයක් ඇතිවී සියලු හොරුන්ට,තක්කඩියන්ට,මිනීමරුවන්ට නිසි දඬුවම් ලබාදී රට ඔවුන්ගෙන් බේරා ගැනීමට ශ්‍රී සද්ධර්මයේ බලයෙන්ද,ලෝක පාලක දෙවියන්ගේ උපකාරයෙන්ද හැකිවේවායි ප්‍රර්ථනා කරමු.නීතියේ ආදිපත්තයට බලපෑම් කළහැකි විධායක බලතලද ඉවත්වී තම පැත්තේ වුවද නීතිය වනසන දේශපාලකයන් හෝ කුමන පුද්ගලයන් වෙත්නම්,ඔවුන්ටද නීතිය ක්‍රියාත්මක කිරීමට ජනතාවට සිත්වෙවා ! යි ප්‍රාර්ථනා කරමු.
මෝඩ හරක් තාම කියන්නේ මහා රජා හොරෙක් නොවේ කියලා . මුන්නේ ලංකාවේ ඉන්නේ .
ගුණසේකර ගේ කතාවෙන් පේනවා වහල්ලු ටිකක් බය වෙලා කියලා
වඩා හොද නැද්ද අවවාදයට වැඩිය ආදර්ශයෙන් පෙන්නලා රනිල් , ඇලෝ ,මහේන්ද්‍රන් මුලටම නග්ගුවනම්..බෑනේ බෑනේ වැඩ බැරි ටාර්සන් ලා.........
සත්‍යපාල හරියටම හරි.
එවා ෙහාදයි