(මනෝප‍්‍රිය ගුණසේකර)
නීතීවිරෝධී ක‍්‍රියාකාරකම් වලින් උපලබ්ද වු රුපියල් කෝටි 55 ක මුදලක් සාපරාධි ලෙස සාවද්‍ය පරිහරණය කළ බවට මුදල් විශූද්ධිකරණ පනත යටතේ චෝදනා ලැබ සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප‍්‍රධානියා ලෙස කටයුතු කළ ගාමිණි සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් සිව් දෙනකුට එරෙහි නඩුව ලබන ඔක්තෝබර් 30 වැනිදා සිට දිනපතා විභාග කිරීමට විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණය අද (28) තීරණය කළේය.
විත්තිකරුවන්ට බාරදිය යුතු ලේඛන ආදිය ඉදිරි දින කිහිපය තුළ විත්ති පාර්ශවයට ලබාදෙන බවට පැමිණිලි පාර්ශවයෙන් ඉදිරිපත් කළ කරුණු සළකා බැලීමෙන් පසුව විනිසුරු මඩුල්ල එලෙස තීරණය කළේය.
ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ ප‍්‍රථම විනිසුරු මඩුල්ල ලෙස පත් කරනු ලැබ සිටින කොළඹ මහාධිකරණයේ කටයුතු කරන සම්පත් විජේරත්න, සම්පත් අබේකෝන් සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව කැඳවන ලදී.
2014 පෙබරවාරී මස පළමුවැනිදාත් 2015 ජනවාරී මස 20 වැනිදාත් අතර කාලය තුළ කොළඹදී පැමිණිල්ල නොදත් පිරිසක් සමඟ එක්ව කැන්විල් හෝල්ඩින්ස් පෞද්ගලික සමාගමේ කළමණාකාර අධ්‍යක්‍ෂ හා ප‍්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කළ නඩුවේ දෙවැනි විත්තිකාර පියදාස කුඩාබාලගේ මහතා බාරයේ තිබු නීතීවිරෝධී ක‍්‍රියාකාරකම් වලින් උපලබ්ද වු මුදල් සාපරාධි ලෙස සාවද්‍ය පරිහරණය කිරීම සඳහා කුමන්ත‍්‍රණය කළ බවට විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා නගා ඇත.
විත්ති පාර්ශවයට ලබාදිය යුතු ලේඛන ආදිය ලැබී ඇත්දැයි දැන ගැනීම සඳහා මෙම නඩුව ලබන මස 8 වැනිදා යළි කැඳවීමටද විනිසුරු මඩුල්ල නියම කළේය.
පැමිණිල්ල වෙනුවෙන් රජයේ නීතීඥ සජීව ජයවර්ධන මහතා සමඟ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා පෙනී සිටියේය.
පළමු විත්තිකරු වෙනුවෙන් නීතීඥ සම්පත් මෙන්ඩිස් මහතා සමඟ ජනාධිපති නීතීඥ අලි සබ්රී මහතාද, දෙවැනි විත්තිකරු වෙනුවෙන් නීතීඥ නවීන් මාරපන මහතා සමඟ ජනාධිපති නීතීඥ ගාමිණි මාරපන මහතාද, තුන්වැනි විත්තිකරු වෙනුවෙන් නීතීඥ හෙමන්ත ගමගේ මහතා සමඟ නීතීඥ නලීන්ද ඉන්දතිස්ස මහතාද, සිව්වැනි විත්තිකරු වෙනුවෙන් නීතීඥ අනුර චන්ද්‍රසිරි මහතා සමඟ ජනාධිපති නීතීඥ අනිල් සිල්වා මහතාද ඇතුළු නීතීඥ මඩුල්ලක් පෙනී සිටියහ.
2025 නොවැම්බර් මස 04
715
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2387
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1749
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ගාමිණී සෙනරත්ගේ නඩුව ඔක්තෝබර් 30 සිට විභාගයට
පිටිගල මිලානෝ Friday, 28 September 2018 12:09 PM
කොළඹ හතේ ගෙවල් දුසිමක් විතර මෙයා පහුගිය ආණ්ඩුව කාලේ ගත්තා. ඒවාට නඩු නැද්ද? ඉස්සර මෙයාට තිබුනේ මෝටර් සයිකලයක් විතරයි. ඥාති සහෝදරයා රජවුනාම මරු තමයි.
V.warnakulasuriya Friday, 28 September 2018 02:16 PM
කණගාටු වෙන්න එපා සෙනරත් මහත්තයෝ... දැනට ඉවසන්න. ජනතාවගේ ආශිර්වාදයෙන් ළඟ එනවා ඔබතුමන්ලාව බේරා ගැනීමට... ඊට පසුව නැවත ඔබලාට රජ සැප ලැබෙනවා. ඒකයි පවතින ක්‍රමයේ හැටි...