(නිමන්ති රණසිංහ)
තංගල්ල වීරකැටිය මැදමුලන ඩී. ඒ. රාජපක්ෂ ස්මාරකය හා කෞතුකාගාරය ඉදිකිරීමේදී මුදල් අවභාවිත කළැයි කියන සිද්ධියට අදාළව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් හත් දෙනෙකුට අධිකරණය මගින් නිකුත් කළ නොතීසිය ඔවුන් වෙත බාර දුන් බව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සඳහන් කරයි.
ලබන සැප්තැම්බර් මස 07 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙසට දැනුම් දෙමින් කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් කාංචනා නෙරංජලා ද සිල්වා මහත්මිය ඉකුත් ජුලි මස 20 වැනි දා සැකකරුවන් වෙත මෙම නොතීසි නිකුත් කරනු ලැබ තිබිණි.
ඒ අනුව හිටපු ආරක්ෂක ලේකම් නන්දසේන ගෝඨාභය රාජපක්ෂ, ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු සභාපති ලියන ආරච්චිගේ ප‍්‍රසාද් හර්ෂාන් ද සිල්වා, එහි සාමාන්‍යාධිකාරීගම ඇති රාළලාගේ භද්‍රා උදුලාවතී කමලාදාස, සුසම්මික කේමින්ද ආටිගල, සමන් කුමාර අබ‍්‍රහම් ගලප්පත්ති, මාරුක්කු දේවගේ මහින්ද සාලිය යන අය වෙත මෙම නොතීසි භාරදුන් බව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 16
36
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
832
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
604
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ගෝඨා ඇතුළු 7 දෙනාට නොතීසි බාරදෙයි
Chanak Los angeles Saturday, 04 August 2018 12:45 AM
මේ දුෂණයන් මෙහෙම හරි රටට හෙළිවුණේ ජනවාරි 8 වෙනිදා ජනතාව මොවුන්ව බලයෙන් එළවලා දමපු නිසයි නැතිනම් මේවා වැළලී යනවා ..
සනත් Saturday, 04 August 2018 05:09 AM
ගෝඨා පොර ටෝක්ස් දැම්මට උසාවියට යන්න පණ බයයි. දැන් මේකටත් ඇරෙස්ට් කරන්න එපා කියලා දිසා අධිකරණයෙන් ඉන්ටරීම් ඕඩර් එකක් ගනීවි.
sirimal Saturday, 04 August 2018 07:25 AM
නොතිසි දුන්නට මදි. නඩුව අහන වෙලාවට ඉහින් කනින් හීන් දාඩිය දාන්නේ නැති විනිසුරුවෝ දෙතුන් දෙනෙකුත් හොයාගන්න වෙයි.