ශ්රී ලංකා පොදුජන පෙරමුණෙහි ජනාධිපති අපේක්ෂක , හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වෛද්‍ය ප්‍රතිකාර සඳහා සිංගප්පුරු බලා යාමට අද අධිකරණයෙන් අවසර ඉල්ලා තිබේ.
ඔක්තෝබර් 09 වැනිදා සිට 12 වැනිදා දක්වා කාලය ඒ සඳහා ඔහු ඉල්ලා ඇත.
ඩී ඒ රාජපක්ෂ කෞතුකාරය ඉදි කිරීමේදී මුදල් අවභාවිත කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ විශේෂ මහාධිකරණයේ විභාග වන නඩුවෙන් ගෝඨාභය මහතාට විදෙස් ගමන් තහනම් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෙඩ වාට්ටුවක්නේ බලන් ගියහම. අපේ දොස්තරලාටත් හොද කරන්න බැරි ලෙඩක් හැදිච්ච මනුස්සයෙක්නේ මේ සමහර අය කර තියන් ගිහින් තියෙන්නේ.
ජනාධිපති උනත් සිංගප්පුරු හොස්පිටල් එකේම කාලය ගෙවෙයි, ඒකත් මහජනයාගේ බදු මුදල් වලින්. එතුමා පොරොන්දුවක් දීලා නැහැනේ ඕනෑම ලෙඩකට ලංකාවේදීම ප්‍රතිකාර කරන්න පුළුවන් තත්වයකට ලංකාවේ ඉස්පිරිතාල ගේනවා කියලා.
නඩුව විභාග කිරීමට නියමිත බැවින් කල් දාගන්න කරන කපටි වැඩක්.
පරීක්ෂණයක හඬ ඇසුණු ගමන් දුවලා ගිහින් කොහේ හරි රෝහලක නවාතැන් ගන්නවා. මේ වගේ ප්‍රශ්නවලින් පැනලා දුවන මිනිස්සුන්ගෙන් රටට දැයට යහපතක් සිද්ධ වෙයිද ?
අපි නම් තියෙන ඔක්කොම බදුත් ගෙවලා යන්නේ කොළඹ මහා ඉස්පිරිතාලෙට....
අර හිරේ ඉන්න කෙනාට අධීක්ෂණ ඇමතිකමක් නැවත දෙන්නේ කොහොමද කියලා බලන්න වෙන්න ඇති සිංගප්පුරු යන්නේ.........
පව් දෙයියනේ..... මෙච්චර අසනීප තියාගෙනද රටට සේවය කරන්න වලි කන්නේ?
මොනවා උනත්, ජනාධිපති අපේක්ෂකයෙක් වන එතුමාට මේ රටේ වෛද්‍යවරුන් ගැන හා රටේ පවතින සෞඛ්‍යය සේවය ගැන හොඳ තක්සේරුවක් තිබෙනවා. ඔබතුමා සිංගප්පුරුවෙන් ප්‍රතිකාර කරගෙන, ලංකාවට ඇවිත්, ඒ රටේ තිබෙන සෞඛ්‍යය ක්ෂේත්‍රයේ ප්‍රමිතිය ගැන අපේ අම්බරුවන්ට කියලා දෙන්න.
දැන් එතකොට මෙතුමා ජනාධිපති උනාට පස්සෙත් රට යන්න අධිකරණයෙන් අවසර ගන්න වෙයිද?
කොහොමත් එතුමාගේ මුනෙන් පේනවා විඩාබර ගතියක්. අසනීප තත්වය තවම හොද නැහැ වගේ. වෙන කාට හරි අපේක්ෂකත්වය දෙන්න වෙයි වගේ.
අපේ අවසන් බලාපොරොත්තුවත් වියැකී යනවා.
මෙහෙම අසනීපකාරයෙක් කොහොමද රටේ නායකකමට පත්කර ගන්නේ ?
ලංකාවේ බෙහෙත් ගන්න රෝහල් නැද්ද මහත්තයෝ ...
ගියොත් ගියාමයි ! දැනට මොහුට එරෙහිව තිබෙන නඩු කප්පරාවත්, ඇමෙරිකා - ශ්‍රී ලංකා ද්විත්ව පුරවැසි භාවය මගින් පැනනැගී තිබෙන හුටපටයත් නිසා එයාටත් රාජපක්ෂ පවුල් සංස්ථාවේ සහෝදරයන්ටත් දැන් හීන් දාඩිය දමමින් තිබෙනවා. මෙනිසා ජනාධිපතිවරණයේ සිහින එයාට බොඳවී තිබෙන හෙයින් දැන් කරන්න තිබෙන හොඳම කාර්යය වන්නේ රට හැර යන එක බව මොවුන්ට දැන් පැහැදිලිවී තිබෙනවා.....
ඊළඟට ලංකාවේ ජනාධිපති වෙන්න ඉන්න කෙනා ලංකාවේ රෝහල් වලින් ප්‍රතිකාර ලබන්නේ නැත්තේ ඇයි? දැන්ම ඔහොම නම් බලය ලැබුනොත් කොහොමට තියේවිද?
මේ වගේ උතුමෙක් කොහොමද අපිට යහපත් රටක් හදන්නේ? බෙහෙත් ගන්නත් සිංගප්පුරුවේ යනවා. ලංකාවේ හිටියට පිටරට තමා ඔක්කොම කෙලි.
14 වැනිදා තිබෙන නඩුව කට් කරන්න යනවා වගේ. නඩුවට එන්න බැහැ කියලා එහෙ ඉඳලා වෛද්‍ය සහතිකයක් එවයි.
රටේම බැංකු හොරා කාපු අය නිකම්ම රටින් ගියානම් මෙයා අධිකරණයෙන් ඉල්ලීමක් කරලා යන එක ගැන අපිට නම් දුකක් නැහැ. මේකේ කියලා තියෙන ඒවා දැක්කහම හිතෙන්නේ හීනෙන් නැගිට්ටා වගේ කියලයි.
ලංකාවේ අහිංසක දුප්පත් මිනිස්සු විතරයි ලංකාවේ ඉස්පිරිතාල වලින් බේත් ගන්නේ. අනික මෙයාලට සල්ලි වලට කරන්න දෙයක් නැතිව ඉන්නේ. මේවා අහිංසක මිනිස්සුන්ගේ සල්ලි නේද? කෑම වේලක් කන්නේ නැතිව බේත් ටිකක් ගන්න සල්ලි නැතිව කීදෙනෙක් මැරෙනවද ලංකාවේ. තව ඡන්දෙ දීලා මේ වගේ අයව පත්කරගන්නකෝ.
ශ්‍රි ලාංකිකයන්ට දකුණෙන් මුහුදටත් පනින්න වෙන්නෙ 2001 රනිල් මහතාගේ කාලයේ ප්‍රභාකරන්ගේ උපන් දිනට පිස්තෝලයක් තැගී දීපු ආරක්ෂක ලේකම්ලා වගේ අය දිගටම සේවය කලානම්......මෙතුමාට පින් සිද්ධ වෙන්න දැන් නිදහසේ ජිවත්වෙනවා.දවස් තුනකට ප්‍රතිකාර ගන්න යන මෙතුමාට මොනවද මේ අය ලියලා තියෙන්නේ.තනිකරම මඩ සහා අතාර්කිකයි.
කිසිම දේශපාලන අත්දැකීමක් නෑ. ස්ථීර පුරවැසිභාවයක් නෑ.හදවත් රෝගියෙක්. වයස අවුරුදු 70 යි. ලංකාවේ රෝහල් ගැන විශ්වාසයක් නෑ. ඉස්සර හමුදාවෙන් මාරු වුනා වගේ නඩුවක් දැක්ක තැන බයේ පැනලා යනවා. කොළයක් බලන්නේ නැතුව කතාවක් පවත්වන්න බෑ. මාධ්‍යට හරියට උත්තරයක් දෙන්න දන්නේ නෑ. මිනිස්සුත් එක්ක ගණුදෙනු කරන්න තේරෙන්නේ නෑ .මෙහෙම පුද්ගලයෙක්ද ජනාධිපති කරන්න යන්නේ?
නඩු වැඩි ජනාධිපති අපේක්ෂකයාව සිංගප්පුරු බෙහෙත් පොවා සුවපත් කරගෙන අපි අපේ රටේ ජනාධිපති කරවමු. කාටද ආඩම්බර?
හුඟක් ප්‍රතිචාර දාන අය 2015 හංසයාට දීලා කරගත්ත හරිය මතක නෑ වගේ කතා කරන්නේ
සංකා පොහොට්ටුව දිනන කොට රෑ වෙයි.... .සිහින ලොවක ඉන්න වහල්ලු .