IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


ගෝඨාට එරෙහි අතුරු නියෝගයේ තීන්දුව 05 වැනිදා

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පොදු දේපළ පනත යටතේ කටයුතු කිරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය විසින් දුන් අතුරු නියෝගය තවදුරටත් දීර්ඝ කරනවාද නැද්ද යන්න පිළිබඳ නියෝගය ලබන මස 05 වැනිදා ප‍්‍රකාශයට පත් කිරීමට අභියාචනාධිකරණය  අද  (27)තීන්දු කළේය.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් ගොනුකර තිබු පෙත්සම අද (27)  අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ප‍්‍රීතී පද්මන් සුරසේන සහ ශිරාන් ගුණරත්න මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අතර එහිදී  විනිසුරු මඩුල්ල මෙම තීන්දුව ගනු ලැබීය.

පෙත්සම කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මහතා අධිකරණය හමුවේ කියා සිටියේ අතුරු නියෝගය දීර්ඝ කිරීම පිළිබඳව තමන් දැඩි විරුද්ධත්වය පළ කරන බවය.

ඒකපාර්ශවීය කරුණු දැක්වීමකින් අනතුරුව නිකුත් කළ මෙම අතුරු නියෝගය නිසා පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව විමර්ශන කටයුතු අත්හිටුවීමට සිදු වී ඇති බවද හෙතෙම කීය.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පොදු දේපළ පනත යටතේ කටයුතු කිරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය විසින් දුන් අතුරු නියෝගය ඒකපාර්ශවීය ලෙස කරුණු සලකා බැලීමෙන් පමණක් යැයිද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කියා සිටියේ මෙම පෙත්සම සම්බන්ධ නොතීසි නීතිපතිවරයාට ලබා දුන් බවය. 

ගෝඨාභය රාජපක්‍ෂ මහතා ප‍්‍රසිද්ධ පුද්ගලයෙකුවීම නිසා ඔහු අත්ගැනීමේ අවධානමට මුහුණ පා ඇතැයි කී ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා මෙම සිද්ධියට පාදක නොවන වෙනත් සිද්ධීන් තුනකට අදාළව ගෝඨාභය රාජපක්‍ෂ මහතා අත්අඩංගුවට ගැනීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතුරු නියෝගයක් නිකුත් කර ඇතැයිද පැවසීය.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතුරු නියෝගය නිකුත් කළ චෝදනාවන්ට පරිබාහිර වෙනත් චෝදනාවක් මත ගෝඨාභය රාජපක්‍ෂ මහතා අත්අඩංගුවට ගැනීමේ සුදානමක් ඇතැයි කී ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එරෙහිව අධිචෝදනා ඉදිරිපත් කිරීම වළකාලන ඉල්ලීමක් තම පෙත්සම මඟින් ඉදිරිපත් කොට නැතැයිද පැවසීය.

එහිදී කරුණු දක්වමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මහතා සඳහන් කෙළේ මෙම පෙත්සම සම්බන්ධ නොතීසි 27 වැනිදා සවස නීතිපති දෙපාර්තමේන්තුවට ලැබී තිබුණේ නඩු අංකයක් නොමැති බවය. 

පෙත්සම්කාර පාර්ශ්වයෙන් ඒකපාර්ශවිකව කරුණු දැක්වීමකින් පසුව අතුරු තහනම් නියෝගය ලබා ගත් බවත් , ඒකපාර්ශ්වික කරුණු දැක්වීම නිසා මත අධිකරණය විසින් තාවකාලික අතුරු තහනම් නියෝගයක් නිකුත් කළ බවය.එසේ නොවුනානම් ස්ථිර අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමේ හැකියාව අධිකරණයට තිබු බවද , එබැවින් නීතිපතිවරයාගේ කරුණු සැලකිල්ලට ගෙන මෙම අතුරු තහනම් නියෝගය ඉවත් කිරීමේ හැකියාව අධිකරණයට තිබෙනවා නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කීය.

දෙපාර්ශවයේ කරුණු සැලකිල්ලට ගත් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල වීරකැටිය මැදමුලන ඞී.ඒ. රාජපක්‍ෂ ස්මාරකය ඉදිකිරීමේදී රුපියල් කෝටි තුනකට අධික මුදලක් අවභාවිත කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එරෙහිව පොදු දේපළ පනත යටතේ පරීක්‍ෂණ පැවැත්වීමෙන්  සහ ඉදිරි අධිකරණ කි‍්‍රයාමාර්ග ගැනීමෙන් පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසය වළකාලමින් නිකුත් කර තිබූ අතුරු තහනම් නියෝගය  ලබන මස 06 වැනිදා තෙක් ක‍්‍රියාත්මක වන පරිදි දීර්ඝ කිරීමට තීරණය කළ අතර එය තවදුරටත් දීර්ඝ කරනවාද නැත්ද යන්න පිළිබඳ නියෝගය ලබන 05 වැනිදා ප‍්‍රකාශයට පත් කිරීමට දින නියම කරන ලදී.
මිරිහාන පැඟිරිවත්ත පාරේ පදිංචි ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් ඉදිරිපත් කොට ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් පොලිස්පති පුජිත ජයසුන්දර මහතා, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තුවේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානී අබේසේකර මහතා ඇතුළු  පස් දෙනෙකු නම් කොට ඇත.

හිටපු ආරක්ෂක ලේකම්වරයා ගොනු කළ පෙත්සමේ සඳහන් වූයේ ඉකුත් රජය සමයේ ඞී.ඒ.රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 83ක මුදලක් සාවද්‍ය ලෙෂ පරිහරණය කළ බවට චෝදනා කරමින් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය තමන්ට එරෙහිව කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ පොදු දේපළ පනත යටතේ බී වාර්තාවක් ඉදිරිපත් කර ඇති බවය.
අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් බාරයට පත් කිරීමේ චේතනාවෙන් පොලීසිය මෙම සහතිකය ඉදිරිපත් කර ඇතැයි සඳහන් කරන පෙත්සම්කාර හිටපු ආරක්ෂක ලේකම්වරයා පෙන්වා දෙන්නේ තමන්ට එරෙහිව පොදු දේපළ පනත යටතේ චෝදනා ඉදිරිපත් කිරීමට තරම් ප‍්‍රමාණවත් කරුණු නොමැති බවය.මේ හේතුවෙන් පොලීසිය විසින් ඉදිරිපත් කර තිබෙන පොදු දේපළ පනත යටතේ වූ අදාළ බී වාර්තාව බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙසත් හිටපු ආරක්ෂක ලේකම්වරයා සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.

පෙත්සම්කරු වෙනුවෙන් නීතීඥ සනත් විජේවර්ධන මහතාගේ උපදෙස් මත ජනාධිපති නීතීඥ අලි සබ්රී මහතා සමඟ ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා පෙනී සිටියේය.
වගඋත්තරකරුවන් වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මහතා පෙනී සිටියේය.පෙත්සම ලබන 05 වැනිදා යළි කැඳවේ.



අදහස් (1)

ගෝඨාට එරෙහි අතුරු නියෝගයේ තීන්දුව 05 වැනිදා

Asaranaya Tuesday, 27 March 2018 09:43 AM

තව අවුරුද්දක් කල් දාගත්තම ඔක්කොම ශේප්

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 43 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 151 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1005 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site