IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ගෝඨාගේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

(නිමන්ති රණසිංහ)

ඇවන්ගාඩ් නඩුව සම්බන්ධයෙන් තමන් ඇතුළු විත්තිකරුවන් නිදහස් කරන්නැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද(17) අධිකරණයෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරිණි.

ඒ අනුව ඔවුනට එරෙහි නඩුව ලබන පෙබරවාරි 26 විභාගයට ගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා නියෝග කළේය.

විත්තිකරුවන්ට තමන් නිවැරදිද නැද්ද යන්න සම්බන්ධයෙන් වන ලේඛන බාරදීමට ද නියෝග කෙරිණි.

 



අදහස් (9)

ගෝඨාගේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

පිටිගල මිලානෝ Friday, 17 November 2017 07:29 AM

අවන්ගාර්ඩ් ගනදෙනු වලදී ඩොලර් මිලියන දහස් ගණන් අතුරුදහන් විය. ටයි පළඳින ලේකම්ගේ ඇමරිකාවේ ගෙදරක් මිලට වඩා තුන්ගුණයක් ගෙවා මිලදී ගත්තේ අවන්ගාර්ඩ් ලොක්කද? ඒ ඇයි? අවන්ගාර්ඩ් සමාගමේ ඩොලර් මිලියන පන්සීය ගණනක් ත්‍යාග වශයෙන් ලබාදී තිබෙන්නේ කාටද? ඔබටද? මටද? මේ ගණන් හිලව් අනුව ලංකාවේ ලොකුම හොරා කවුද? අවන්ගාර්ඩ් ගනදෙනු පිලිබඳ මනා විග්‍රහයක යෙදෙන ඉතාලියේ දර්ශන හඳුන්ගොඩ මාධ්‍යවේදියාගේ බ්ලොග් සටහන් යුටියුබයෙන් බලන්න. මේ ගණන් හිලව් වල ප්‍රමාණය ඇසෙනවිට ඔබ අප ඉස්කෝලේ ගිහින් ඉගෙනගත්ත ගණිතය නම් මදි බව දැනෙයි.

:       1729       1808

shanikaFriday, 17 November 2017 08:34 AM

පිටිගල මිලානෝ, ඔයා වගේම දර්ශන හඳුන්ගොඩත් ඒ වගේමයි. හොරකම් කරපුවා ඇහින් දැක්කා වගේ. හරියට අර චතුර සේනාරත්න වගේමයි.

:       27       658

sisiraFriday, 17 November 2017 08:38 AM

ඔබතුමා පක්ෂග්‍රාහී බව ඔබතුමාගේ අදහස් වලින් පෙනෙනවා. නමුත් සමාජ වෙබ් අඩවි තුලින් ඕනෑම කෙනෙකුට පුළුවන් ඔබ කියන ගණන් ඉල්ක්කම් වලින් දාන්න. නමුත් ඒවා ඔප්පු කරන්න ඔය පුද්ගලයින්ට පුළුවන්ද? කව්රු හෝ වරදක් කර ඇත්නම් දඬුවම් කල යුතුයි.. මහබැංකු මංකොල්ලය සාක්ෂි සමග, ගණන් හිලව් සමග ඔප්පුවෙලා තියෙනවා. අද වෙනකන් කව්රුත් තාමත් අත්අඩංගුවට අරන් තියනවද? එයාලා මෙයාලා ඔක්කොම මංකොල්ල කන්නේ රටේ මහජන මුදල් අද සමාජ වෙබ් අඩවි මන්ද බුද්ධිකයන්ගේ රජ දහනක් වෙලා. නමුත් ඒවා තියන්නේ මිනිසුන් අතර මිත්‍රත්වය ගොඩනගාගෙන මිනිසුන් අඳුර ගන්න සහයෝගය සහජීවනය ඇති කරන්න මිසක් කාටවත් මඩ ගහන්න නෙමේ.

:       4       564

Rohana Friday, 17 November 2017 07:48 AM

ගෝඨා ඔය නඩුව කල්යනවා 2020 මර්තුවලට. අගමැතිතුමාට කතා කරන්න.

:       13       163

Susantha Friday, 17 November 2017 08:29 AM

ගෝඨාගේ නඩුවේ විරෝධතා ගාණනම් හොඳටම පෙනිලා හැබැයි මහබැංකු මංකොල්ලයේ සාක්ෂිත් එක්කම හොරු එළිවෙන හැටි අහන්නවත් ලැබිලා නෑ වගේ.. යන්න යන්න හොඳටම කඩේ යන්න.!!!

:       541       553

prakaash Friday, 17 November 2017 12:02 PM

රටට වින කරන පින්ගුත්තරයින්ට නොතේරුනාට රටට ආදරය කරන මිනිසුන් දන්නවා ගෝඨාභයගෙන් මේ රටට වුන සේවය. ඉතාලියේ හෝ ඕනෑම ගුබ්බෑයමක සිට මුදලට ඕනෑම බොරුවක් ඇද බාන අයට මෙය නොතේරේ.

:       814       761

rohan Friday, 17 November 2017 03:35 PM

ඇමෙරිකාවේ පුරවැසි ගෝඨාභය රාජපක්ෂ මහතා අමෙරුකානු ගැතියෙකි. දෙයියන්ගේ පිහිටෙන් ඇමෙරිකාවට වෙලා ඉන්න. අපිට පව් නොදී. මේ රටේ ඉපදුණු අපි දෙන දෙයක් කාල වෙන දෙයක් වුණාදෙන් කියලා මේ රටේම මැරෙනකම් ජීවත් වෙමු. හෙම්බිරිස්සාවටත් බේත් ගන්න යන්නේ මේ ඇමෙරිකාවට. නියම ඩබල් ගේම් කියන්නේ ඕවට තමයි.

:       211       304

පිටිගල මිලානෝ Saturday, 18 November 2017 05:14 AM

දැන් සල්ලි තියෙන නිසා ඇමරිකාවයි, ලංකාවයි දෙපැත්තම හොඳයි. අපිත් ලොස් ඇන්ජලිස් ඩවුන් ටවුන් ලොයොලා කොලීජියත් දන්නවා. එකේ රෑට නයිට් ඔඩිට් කොම්පියුටර් කොටන අයට ගෙවන ගාණත් දන්නවා. අර සරත් වීරසේකරයි ගොඩහේවායි පව්. මේ අයියලා මල්ලිලාට මිනිහෙක් අහුවුනොත් කපෝතිම තමයි.

:       0       0

Bamunuarachchi Friday, 17 November 2017 11:30 PM

ගෝඨාභය මහත්තයා මේවා මතක තියා ගන්න. දැන් කොකාගේ වාරය. තිත්තයටත් වාරයක් එනවා අනේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 76 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 732 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 352 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site