(නිමන්ති රණසිංහ)
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් 8 දෙනා සම්බන්ධ නඩුව ලබන ජුලි මස 09 වැනි දා තෙක් කල් තැබීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර මහත්මිය නියෝග කළාය.
පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අවසර ලබා දෙමින් කෝටි 1140 ක මුදලක් රජයට පාඩු කළැයි ඔහුට එරෙහිව ඇති චෝදනාව වේ.
ඡායාරූප - ළහිරු හර්ෂණ



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධිකරණ ප්රතිසංශෝධනය නරකයි කියලා කෑගහන්නේ ඕකනේ. මාස හයෙන් හය දෙතුන් පාරක් කල්ගියාම වෙසක් පෝය දෙක නිකම්ම එයි.
මේ ආණ්ඩුව තියන තාක්කල් මේ නඩුව කල් යයි වගේ ඊළඟ ආණ්ඩුව ආවාම නඩුව අහෝසි වෙයි. යහපාලනය බලුපාලනයක් වෙලාවගේ.!
ගෝඨාගේ සියලු නඩු කල් දැමීමට හේතුව කුමක්ද? මාධ්‍යය බය ඇයි අසන්නට? නැවත අාවොත් අතුරුදන් කරනවද? කල් දැමීමට හේතුව නඩුකාරවරු අතුරුදන් කරන තර්ජනයක්ද? ගෝඨාගේ අහපු එක නඩුවක් කියන්න. නඩුකාරවරු ඔහුට බය ඇයි? ජනපති සහ අගමැතිත් බයද? තොරතුරු දැන ගැනීමේ පනත යටතේ වත්, ගෝඨාගේ නඩු කල් දැමීමට හේතුව කියන්න.
අයියාව මේ තරම් ඉක්මණින් එළවලා දායි කියලා හීනෙකින්වත් හිතුවේවත්, පෙනුනේවත් නැති නිසා තමයි මෙයා මේ ඔක්කොම මැරකම් කළේ. හිරේ ඉන්න ඕනේ අය නිදැල්ලේ තියන එක තමයි මේ රටේ විනාශයට හේතුව....
ගෝඨාගේ නඩුව විහිළුවක්... නීතිපතිවරුනුත් බයවෙලා.
අද ඉන්දියාවේ පත්තරේක තිබ්බේ 2020 දී ජනාධිපති අපේක්ෂකයා ලෙසට ඉදිරිපත් වෙන්නේ මෙතුමා කියලා. සම්මුඛ සාකච්ඡාවේදී කියලා නැහැ මොන පක්ෂයෙන්ද එන්නේ කියලා. ගම්සභා ඡන්දයෙන් ලැබුණු ප්‍රතිඵල ගැන හිතමින් පොහොට්ටුවේ කට්ටිය නම් දැනටමත් ආණ්ඩු පිහිටුවලා අවසන් වගෙයි පෙනෙන්නේ. රටතුල අස්ථාවර බවක් අැතිකරවමින් පවතින ආණ්ඩුවට කිසිදෙයක් කරගෙන යන්නට බැරි වාතාවරණයක් බිහිකර පොරොන්දු වූ තාලයට දුෂිතයන්ට දඬුවම් දෙන්න අවස්ථාවක් ලබා නොදෙන එක තමා මේ සියල්ල පිටුපස ඇති කුමන්ත්‍රණය. ආණ්ඩුවේ ඉහල කට්ටියත් ඒ සේරටම ඉඩදීලා නෑහුනා වගේ ඉන්නේ මොන හේතුවක් නිසාද කියා සිතාගන්න නම් අපහසුයි. කලින් ආණ්ඩුව අසීමිත ලෙස බලය අවභාවිතා කල බව කවුරුත් දන්නා කරුණක්. එ්කේ දෙකක් නැහැ. ඒ ගැන තැකීමක් නැති තැනට මහජනතාවගේ "මනස" වෙනස් කිරීම සඳහා එ්කාබද්ධය ගෙනයන වැඩපිළිවෙලට ලියලන්නට ඉඩහැර " බකන් නිලාගෙන" ඉන්න මේ ආණ්ඩුවත් එම තත්වය ඇතිවීමට වගකිව යුතුයි. 2020දී බල පෙරළියක් වුනොත් දැන් ඉන්න ආණ්ඩුවේ බොහෝ දෙනෙකුට තිස් තුන් කෝටියක් දෙවි දේවතාවුන්ගේ පිහිට ලැබුණත් පණ කෙන්ද බෙරාගන්න නම් ලැබෙන එකක් නැහැ.
සමන්ත අද වෙනකොට සිද්ධ වෙන්නේ ජරාජීර්ණ වූ ඉතිහාසයක් ඇති රටක අලුතෙන් නොවිය යුතු දේවල්. මේ සේරටම වග කිව යුතු වෙන්නේ කොන්ද පන නැති පාලකයින් බිහිවීමයි. කොන්ද පන ඇති, ධාර්මික නායකයින් රටකට වාසනාවක්. එහෙම මිනිස්සු හරි දුර්ලභයි. එහෙම මිනිස්සු ඉන්න තාක්, මිනීමරුවන්, යුධ අපරාධ කාරයින්, සමාජ පිළිල මෙලෙස ඒ රික්තය තුල පිනුම් ගහනවා. අධිකරණය ඒ අයටම හරියන විදිහට හදාගන්නවා. මිනිස්සු 1988/89 වගේ අසරණ වෙනවා.
ජනතාවගේ පැතුම ගෝඨා. කොන්දක් පනතිබෙන ඍජු නායකයෙක්. රටේ පාලනයට ඔනේකර තිබේ., 2020 බලයට අවොත් යහ පාලනයට දෙවියන් ගේම පිහිටයි.