( එච්. චන්දන )
පුත්තලම නගරයේ දී ගංජා මිශ්‍ර මත් පැකට් අලෙවි කල පුද්ගලයින් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පුත්තලම පොලීසිය කියයි. පුත්තලම නගරයේදී කුඩා අලෙවි සැලක ඉතා හොර රහසේ අලෙවියට තබා තිබූ මෙම මත් පැකට් තොගය පොලිසිය විසින් සොයා ගන්නා ලදි.
මේවායින් විශාල සැරක් පිට කරන අතර ගංජා හා බුලත් පුවක් අතුළු දෑ කවලම් කර සකස් කර ඇති මාවා නම් පැකට් 200 ක්ද මේ වැටලීමේ දී සොයා ගනිණ.
පාසැල්වල වැඩිහිටි දරුවන් හා පුද්ගලික බස් රථ රියදුරන් ඉලක්ක කරගෙන අලෙවි කර ඇති බව කරන ලද මූලික විමර්ශන වලදී අණාවරණ වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකයේ ප්‍රධානම රටවල් ගංජා තහනම ඉවත් කර ඇති බැවින් ලංකාවද මේ සිතා බැලිය යුතුය. යම් ප්‍රමාණයකට ගංජා ඉරීමෙන් ශාරීරික ව්‍යාකුලතාවයන් බොහෝ ලෙස මැඩ පවත්වා ගත හැක.
අයියෝ, හැම එකම මිශ්‍ර කරනවා. මිරිස් කුඩු වලට ගඩොල් කුඩු, ගම්මිරිස් වලට පැපොල් ඇට.