IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ගජමුතු ලක්ෂ 50 කට අලෙවි කරන්න ආ දෙදෙනෙක් අත්අඩංගුවට


(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
 
ගජමුතු දෙකක් රුපියල් ලක්ෂ පනහකට අලෙවි කිරීම සඳහා පැමිණි බව කියන පුද්ගලයින් දෙදෙනෙකු මාතර කැකණදුර ප්‍රදේශයේ දී අද (5) ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.


ඔවුන් ගජමුතු දෙකක් ළඟ තබා ගෙන රුපියල් කෝටියක මුදලකට විකිණීම සඳහා ගැනුම්කරුවකු සොයන බවට පොලීසිය වෙත තොරතුරු ලැබී තිබිණි.


ඒ අනුව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජේ.ඒ.සමන් මහතා උපාය දූතයකු යොදවා අදාළ ගජමුතු මිලදී ගැනීමේ මුවාවෙන් පරික්ෂා කර තිබේ.


එහිදී පොලීසිය වෙත ලැබුණු තොරතුරු සත්‍යය බවට තහවුරු කරගෙන රුපියල් ලක්ෂ පනහකට ගජමුතු මිලදී ගැනීම සඳහා එකඟතාවයකට පැමිණ ඇත.


ඒ අනුව සිවිල් ඇදුමින් සැරසුණු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් මුදල් ලබා දී ගජමුතු ලබා ගැනීමේ මුවාවෙන් ගොස් සැකකරුවන් දෙදෙනා සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.


එහිදී අත්අඩංගුවට ගත් ගජමුතු දෙකේ සත්‍යයතාවය සොයා ගැනීම සඳහා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ වාර්තාවක් කැඳවීමට නියමිතව තිබිණි.


සැකකරුවන් දෙදෙනා මාතර කැකණදුර හා නාවිමන පදිංචි 38 හා 33යන වයසේ පසුවන්නෝ වෙති.   



අදහස් (0)

ගජමුතු ලක්ෂ 50 කට අලෙවි කරන්න ආ දෙදෙනෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 737 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 361 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site