(මොහොමඞ් බුහාර්ඩීන් )
ගොකරැල්ල පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් නිලධාරින් 15 කට වහාම කි‍්‍රයාත්මක වන පරිදි ස්ථාන මාරු ලබාදිමට කටයුතු කර ඇතැයි පොලිස් මාධ්‍යය ප‍්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසයි.
වයඹ පළාත් ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය පොලිස්පති ජගත් අබේසිරි ගුණවර්ධන මහතාගේ නියෝගයකට අනුව 13 වැනි දා පටන් මෙම නියෝගය බලාත්මක කර ඇත.
ගොකරැල්ල පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල් හා සැරයන්වරු 8ක් හා කාන්තා උප පොලිස් පරීක්ෂිකාවක් ඇතුලූ කාන්තා නිලධාරින් 7ක් ද මෙලෙස ස්ථාන මාරු ලබා සිටින බවත් මොවුන් වයඹ පළාතේ පොතුහැර පොල්ගහවෙල මාවතගම රිදිගම වැල්ලව කුරුණැගල පොලිස් ස්ථාන වලට මාරුකර යවා ඇති බවයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.