IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


කළු මැදිරිය ලී ගෙන ගිය රිය අනතුරක

(මැදිරිගිරිය චාපා මධුභාෂිණී)
කළුමැදිරිය ලී කොට 11ක් ප්‍රවාහනය කළ මෝටර් රථයක් අද (07) දහවල් 1.30ට පමණ යාය 7 බිසෝබණ්ඩාරගම ප්‍රදේශයේදී ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි යතුරුපැදියක ගැටී සිදු වූ අනතුරෙන් තිදෙනෙකු තුවාල ලබා ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි.


අනතුර සිදුවූ අවස්ථාවේදීම මෝටර් රථයේ රියදුරු ප්‍රවාහනය කරමින් තිබූ කළුමැදිරිය ලී කොට තොගය අසල ගෙවත්තකට විසිකර ඇති බවට පොලිසිය කළ පරීක්ෂණයේදී අනාවරණය වී ඇති අතර මෙම මෝටර් රථයද කුලී පදනමට ගෙන කළුමැදිරිය ලී කුට්ටි ප්‍රවාහනය කර ඇතැයි පොලිසිය කළ මූලික පරීක්ෂනවලදී අනාවරණය වී ඇත.
පසුව පොලිසිය විසින් එම ලී කොට 11 ත් සමග රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.


අනතුර හේතුවෙන් යතුරුපැදියේ ගමන් කළ පියා සහ දියණිය තුවාල ලබා මැදිරිගිරිය මූලික රෝහලට ඇතුලත් කර ඇති අතර ඒ අයගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග කියයි.


අනතුර සම්බන්ධයෙන් මැදිරිගිරිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පී.ඒ.එච් පිටිගල මහතාගෙන් මෙහෙයවීමෙන් රථවාහන අංශයේ ස්ථානාධිපති සරත් කුමාර මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.



අදහස් (0)

කළු මැදිරිය ලී ගෙන ගිය රිය අනතුරක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 629 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 305 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site