මෙතෙක් කිසිදු රජයකින් විසඳුමක් නොලැබුණු මේ රටේ කැළි කසළ ගැටලූවට අනාගතයේ පත්වන කිසිදු රජයකට නැවත මුහුණදීමට සිදු නොවන අන්දමේ ස්ථීරසාර විසඳුමක් ලබා දෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ජනාධිපතවරයා මේ බව ප‍්‍රකාශ කළේ කිරිඳිවැල, මිල්ලතේ මිල්ලතාකන්ද විවේක සේනාසනයේ අභිනවයෙන් ඉදි කරන ලද ශ‍්‍රී සීලරතන නාහිමි අනුස්මරණ භාවනා ශාලාව විවෘත කිරීමේ පුණ්‍ය මහෝත්සවයට අද (22) පෙරවරුවේ එක් වෙමිනි
ජාත්‍යන්තර වශයෙන් තිබෙන සහයෝගය සහ තාක්ෂණික උපදේශකත්වය මත නවීන තාක්ෂණය භාවිතා කරමින් කැළි කසළ ගැටලූවට ස්ථිර විසඳුමක් ලබාදීමේ වැඩපිළිවෙළ මේ වන විට රජය කි‍්‍රයාත්මක කර තිබෙන බව ද පැවසූ ජනාධිපතිතුමා ඉදිරි වසර කිහිපය තුළ කැළි කසළ මේ රටේ ජනතාවට ගැටලූවක් නොවනු ඇති බව ද සඳහන් කළේය.
අද කැළි කසළ පිළිබඳ රටේ සෑම තැනම ඇත්තේ විරෝධය පමණක් බව ද මෙහිදී පැවසූ ජනාධිපතිතුමා සමස්ත රටටම අභියෝගයක් වූ මෙවන් ගැටලූවලට විසඳුම් සෙවීමේදී විරෝධය සේම විසඳුම් ද ඉතා වැදගත් බව ප‍්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැළිකසළ ගැටළුව තවත් රජයකට ඉතුරු නො කිරීමට අපේ ප්‍රසාදය. හැබැයි මේ රට නම් ඉතුරු කරල යන්න.
කතා නැතුව වැඩ පෙන්වමු.
මෙතුමාට දීපු පොරොන්දු ටිකවත් අඩුම තරමේ ඉටුකරගන්න බැරිවුණා . මෙහෙම කුණු ප්‍රශ්නයක් අපේ රටේ තිබුනේ නැ. පසුගිය රජයේ කාලයේදී කොළඹ කොච්චර ලස්සනට තිබුනද ?
හරියට කෙරුවොත් ඔබතුමා නියම ජනාධිපති කෙනෙක් හැටිය ඉතිහාස ගත වෙයි, ජය වේවා
කියන දේ ඒ විදියටම කරනවනම් හොඳයි.
ඔබතුමාගේ කාලේ කුණු යුද්දේ ඉවරයක් කරලා දෙන්න. මේක කුඩු වගේම කුණු මාෆියාවක් තමයි.
ඔබතුමා 2014 ඔක්තෝබර් ඉඳන් මේ වෙනකන් දීපු පොරොන්දු වලින් මොනවද ඉටුකරලා තියෙන්නේ...? අපිට නම් ආයේ ඔබතුමා කියන දේවල් ගැන කිසිම විශ්වාසයක් නෑ... නිකන් හිස් වචන විතරයි..
මේවා කරන්න තමාගේම රජයක් පිහිටුවිය යුතුය. එජාපය ජය ගත්තේ ඔබට ලැබුණ ඡන්ද ප්‍රමාණයෙන් බව අමතක නොකරන්න. ජනතාව පාමංකඩ, මැදවච්චිය ප්‍රතික්ෂේප කර තිබු නිසාය. ඔවුන් ඔබගේ යෝජනා පසෙකලා වැඩ කරනවා..