
(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
තම එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය ඉවත් කිරීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ගෙන ඇති තීරණය බලරහිත කරන රීට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරුන් පිරිසක් ගොනු කර ඇති රීට් පෙත්සම අනිද්දා (02) අභියාචනාධිකරණය හමුවේ සලකා බැලීමට නියමිතය.
කොළඹ මහ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රීවරුන් ඇතුළු එම පක්ෂයේ පළාත් පාලන නියෝජිතයින් 30 දෙනෙකු ගොනු කළ මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් , එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකයින් ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.
ගොනු කළ පෙත්සමේ මෙසේද සඳහන් වේ.
පෙත්සම්කරුවන් පසුගිය මහමැතිවරණයේදී සමගි ජනබලවේගයට සහයෝගය පළ කිරීම හේතුවෙන් තම පක්ෂ සාමාජිකත්වය ඉවත් කිරීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කළේය.
කිසිදු සාධාරණ විනය පරීක්ෂණයකින් තොරව තම පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරීමණ්ඩලය ගත් තීරණය නීතියට පටහැනි වේ.
එබැවින් වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසද , අදාළ තීරණය බලරහිත කරන ලෙසද , එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල ගත් තීරණයට අනුව තම පක්ෂ සාමාජිකත්වය නෙරපීමේ නියෝග ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කිරීම වැළැක්මේ රීට්ආඥාවක් මැතිවරණ කොමිසම වෙත නිකුත් කරන ලෙසද ඉල්ලමින් පෙත්සම්කරුවන් සිය පෙත්සම මගින් අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටිති.
පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතීඥ ෆායිස් මුස්තාපා මහතා පෙනී සිටියේය.
2025 දෙසැම්බර් මස 18
36
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
124
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොළඹ නගර සබේ එජාප මන්ත්‍රීවරු ගොනුකළ රීට් පෙත්සම සලකා බැලීම අනිද්දා