ආරියරත්න රණබාහු
මීතොටමුල්ල කසල කන්ද කඩා වැටීමේ සිද්ධියට අදාළව සිදු කළ විමර්ශන වාර්තාවකට අනුව කොළඹ නාගරික කොමසාරිස් වි.කේ.ඒ අනුර මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට බස්නාහිර පළාත් ආණ්ඩුකාර කේ.පි. ලෝගේෂ්වරම් මහතා පියවර ගෙන තිබේ.
මීතොටමුල්ල කසල කන්ද කඩා වැටීමේ සිද්ධියට අදාළව මහධිකරණ විනිසුරු චන්ද්‍රදාස නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකළ විමර්ශනයට අනුව නිකුත් කළ වාර්තාවේ නිර්දේශ පරිදී මෙම පියවර ගත් බව ආණ්ඩුකාර කාර්යාලයේ ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවසීය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම ඒක පුද්ගල කමිටුව පත් කළ අතර එහි නිර්දේශ අනුව කටයුතු කරන ලෙස ආණ්ඩුකාරවරයාට උපදෙස් ලබා දී තිබූ බවද එම ප්‍රකාශකයා පැවසීය.
නාගරික කොමසාරිස් තනතුරෙන් ඉවත් කළ අනුර මහතා බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයට අනියුක්ත කිරීමට තීරණට කර ඇතැයි හෙතම වැඩිදුරටත් පැවසීය.
COMMENTS
නාගරික කොමසාරිස් තනතුරින් දෙන උපදෙස් දේශපාලකයින් ටික වෙනස් කරනවා. අවුරුදු ගණනාවක් දේශපාලකයින් කුණුකන්ද විකුණාගෙන කෑවා. කුණු ප්‍රශ්නය මීතොටමුල්ලට දැම්ම අයට මොකද කරන්නේ? හැම තිස්සේම වෙන්නේ නිලධාරීන්ගේ පිටින් දමලා තුච්ඡ දේශපාලකයෝ බඩ වඩා ගන්න එක විතරයි. මොලයක් ඇති, අධ්‍යාපනයක් ඇති, දේශපාලකයින් පත් කරගන්නකන් ඔය දුක නිලධාරීන්ට විඳින්න වෙනවා...
රජයක් විසින් විසඳුම් සෙවිය යුතු ජාතික ප්‍රශ්නයකදී තීරක බලයක් නොමැති නිලධාරියකුට වගකීම පවරා අත සෝදා ගැනීමකි.
මෙවන් වූ කොමිසම් තුලින් තව කොපමණ තීන්දු දේශපාලකයන්ට විරුද්ධව දී තිබේද? එසේ තිබියදී, නිලධාරියට එරෙහිව දී තිබූ තීන්දුව වහා ක්‍රියාත්මක වී තිබේ. මෙවන් ජාතික වූ ප්‍රශ්නයකදී, විසඳුම් ලබා දීමට, මේ නිලදාරියට දී හැකිනම්, රටට දේශපාලකයන් කුමටද? තවද යම් හෙයකින්, මේ ප්‍රශ්නය විසඳි තිබුණි නම්, මේ රාජ්‍ය නිලධාරියාගේ නමද නොකියවනු ඇත. අහවල් උතුමාගේ අදහසකින් ක්‍රියාත්මක වූවක් යයි කියනු ඇත.
දේශපාලකයන් මොකටද වගකීම් දරන්නේ නිලධාරින් ඉන්නවා නම්...