(අංජුල මහික වීරරත්න)
පාතාලයට සම්බන්ධවී මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු පුද්ගලයකුගේ පුත‍්‍රයකු කොළඹ මහ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක ලැයිස්තුවට ඇතුළත් කිරීමේ වෑයම අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඊයේ (21) අලූයම වළක්වනු ලැබීය.
කුඩු ජාවාරම්කරු මේ වන විට විදේශගතව ඇතැයි පැවසේ. මොහුගේ පුත‍්‍රයා කොළඹ මහ නගර සභා අපේක්ෂක ලැයිස්තුවට ඇතුළත් කිරීමට දිස්ත‍්‍රික්කයේ එජාප ප‍්‍රබලයකු දැඩි වෑයමක් දරා තිබිණි.
මේ පිළිබඳව තොරතුරු අනාවරණය වීමෙන් අනතුරුව අග‍්‍රාමාත්‍යවරයා ඊයේ අලූයම 3.00ට දුන් නියෝගයක් අනුව ඒ තැනැත්තාගේ නම කොළඹ මහ නගර සභා එජාප අපේක්ෂක ලැයිස්තුවෙන් ඉවත් කෙරුණු බව එජාප ආරංචි මාර්ගවලින් පැවසේ.
COMMENTS
මේ අයගේ නම් ගම් හෙළි කරනවානම් ඉතාමත් හොඳයි.
"දිස්ත‍්‍රික්කයේ එජාප ප‍්‍රබලයකු දැඩි වෑයමක් දරා තිබිණි..." කියල විතරක් කියන්නේ නැතුව කවුද කියලත් කිවනම් තම හොද. අපේ මෝඩ ජනතාවටත් තාම දේශපාලනික දැනුමක් ඇත්තෙම නෑ, එක නිසානේ මේ වගේ අයව පත් කරන්නේ.
තිබිය යුතු එකම සුදුසුකම බැංකු සුද්ද කිරීමේ හැකියාව විතරයිනේ.......
කුඩු ව්‍යාපාරිකයෙක් දානවා නම් ඇයි ඔහුව නීතියේ රැහැණට හසු කරගන්න බැරි............
පුදුමයි. ඇත්තක්මද ?
අනේ අප්පේ අප්පොච්ච නම් කොහොමද, කුඩ් ඩෝ හොයා හොයා නොමිනේසන් දුන්නේ ඒ කාලේ
ඔන්න අගමැතිවරයා නියම වැඩක් දීලා.හැබැයි ඉස්සරනම් එහෙම උනේ නෑ .
අරය නම් ඉතින් අනිවා ගන්නවා.
එතකොට එයාව දැම්ම එජාප ප්‍රබලයා කුඩුවලට සම්බන්ධ කෙනෙක් ඔනෙනේ...
කුඩු ව්‍යපාරිකයෙක් කියලත් දැනගෙන ඇයි නීතිමය පියවර ගන්නේ නැත්තේ? කුඩු ව්‍යාපාරයත් දැන් අනිත් සාමාන්‍ය ව්‍යාපාර වගේ වෙලාද?
අර ලේන්සු විකුණන කෙනාගේ පුතෙක්ද?
අපේ ලොක්කගේ පක්ෂයෙන් ඉල්ලුවානම් එයා උඩින්ම නාමයෝජනා දෙනවා. කුඩු ජාවාරම් වලට යම්කිසි සම්බන්ධයක් ඇත්නම් ඡන්දෙට සල්ලි විසි කරන්න පුලුවන්නම් එක මුලික සුදුසුකමක්... ඉස්සර අපේ ලොක්කා කුඩුකාරයෝ අල්ලන්න.. පොලිසියෙන් පැන්නහම හෙලිකොප්ටරෙන් ගෙදරට ගිහින් බේර ගන්නේ. රනිල්ගෙන් නාමයෝජනා ගන්න ඕනේ නම් විභාග පස් නොවුනත් රෝයල්, ශා. තෝමස් වලට ගියපු, ඉංග්‍රීසි කතාකරන්න පුළුවන් කලිසම් කෝට් ඇදගෙන හොරකම් කරන මහා බැංකු හොරෙක් වගේ කෙනෙක් වුණත් කමක් නැහැ.
ඔය කියන්නේ කුඩු ලාල්ගේ පුතා ගැනද?
රන්ජිත් මහත්මයා, ඔය කුඩුලාල් කියන මනුස්සයා ගැන විස්තර ටිකක් ලියන්න පුළුවන්ද අපේ දැනගැනීම සඳහා...?
ඒ වුණාට අවම වශයෙන් බැංකු වංචාව පිළිබඳව පළපුරුදු තියෙනවා නම් අගමැති සලකා බලාවි.
පිරිසිදු නායක ගරු රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාට ජයවේවා...!!! ශ්‍රී ලංකා දේශපාලන ගමන නිවැරදි කරමින් ආදර්ශමත් අදියරක් නගර සභාවෙන් ගරු රනිල් අගමැතිතුමා අරඹයි...