ටොන් 12කට වැඩි කොකේන් ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට කොළොම්බියානු පොලිසිය සමත් වී ඇත.

කොළොම්බියානු ඉතිහාසයේ අත්අඩංගුවට ගත් විශාලම කොකේන් තොගය මෙය බව කියැවේ.

කොළොම්බියා පැනමා දේශ සීමාව ආසන්නයේ කෙසෙල් වගා බිම් හතරක පොළව යට වළලා තිබියදී මෙම කොකේන් තොගය සොයාගත් බව බලධාරීහු පවසති.

මේ සම්බන්ධව හතරදෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර කොකේන් තොගයේ වටිනාකම ඩොලර් මිලියන 360ක් පමණ වන බව පැවසේ.

කොළොම්බියානු රජය පවසන්නේ මෙම වසර තුළ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ 1500ක් පමණ අත්අඩංගුවට ගෙන ඇති බවයි.
මහාපරිමාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු පොලිසිය විසින් මරා දමනු ලැබ තිබිණි.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)