(විනීතා එම් ගමගේ)
රාජ්‍ය කළමණාකරන සහකාර සේවාවට අදාළව ඉදිරිපත් කර ඇති ඉල්ලීම් ඉටු කිරීමට රජය අපොහොසත් වුවහොත් වෘත්තිය ක‍්‍රියා මාර්ගකට අවතීර්ණ වීමට රාජ්‍ය කළමණාකරන සහකාර නිලධාරින්ගේ සංගමය තීරණය කර ඇත.
තම සේවාවේ ඉල්ලීම් සම්බන්ධව වසර ගණනක් තිස්සේ රජයෙන් ඉල්ලීම් කළ නමුත් කිසිදු පිළිතුරක් නොලද බවත් අවසන් වශයෙන් සාකච්ඡාවක් ඉල්ලා රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා වෙත ලිපියක් භාර දුන් බවත් රාජ්‍ය සේවා කළමණාකරන නිලධාරින්ගේ සංගමයේ සභාපති යූ පලිහවඩන මහතා ලංකාදීපයට පැවැසීය.
එම ලිපිය භාර දුන්නේ අද (20) ට පෙර සාකච්ඡාවක් සඳහා අවස්ථාවක් ලබා දෙන ලෙස ඉල්ලමින් යැයි කී පලිහවඩන මහතා මේ සතිය අවසන් වන තුරු සාකච්ඡාවක් සඳහා වේලාවක් ලැබෙතැයි බලාපොරොත්තුවෙන් සිටින බවත් නොලැබුණහොත් ගන්නා ක‍්‍රියාමාර්ග ගැන සතිය අවසානයේ එක්ව තීරණය කරන බවත් හෙතෙම කියා සිටියේය.
රාජ්‍ය සේවා කළමණාකරන සහකාර නිලධාරින් නියෝජනය කරන වෘත්තිය සමිති 10 ක් එක්ව මෙම තීරණයට එළැඹුණු බව ද පලිහවඩන මහතා පැවැසීය.
කළමණාකරන සහකාර යන තනතුරු නාමය ශ්‍රී ලංකා කළමණාකරන නිලධාරි යනුවෙන් වෙනස් කිරීම උසස් කිරීම සඳහා විභාග ක‍්‍රමයක් ඇති කිරීම ඇතුළු ඉල්ලීම් රැසක් තම ඉල්ලීම් තුළ ඇතැයි ද සභාපතිවරයා ප‍්‍රකාශ කළේය.
2025 දෙසැම්බර් මස 18
34
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
124
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කළමනාකරණ සහකාරවරුත් වෘත්තිය ක්‍රියාමාර්ගයකට සැරසෙති