(අජිත්ලාල් ශාන්තඋදය, ජයන්ත නානායක්කාර)
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි කොළොන්න ප‍්‍රාදේශීය සභාවේ ආණ්ඩු පක්‍ෂ සභිකයන් දෙදෙනෙකු ඉදිරියේ දී ස්වාධීනව කටයුතු කරන බව සභාවේ අද (11) පැවති මංගල රැස්වීමේ දී පැවසීමත් සමඟ සභාවේ පාලක පක්‍ෂයේ බහුතරය නැතිව ගියේය. එබැවින් සභාපතිවරයාට බලය පැවරීමට ගෙනා මුල්ම යෝජනාව විවාදයට නොගෙන සභාව කල් තැබීමට සභාපතිවරයාට සිදුවිය.
සභාපති රූපසේන තලවත්තගේ මහතාගේ සභාපතිත්වයෙන් යුතු කොළොන්න ප‍්‍රාදේශීය සභාව ඊයේ පළමුවරට කොළොන්න ප‍්‍රාදේශීය සභා රැස්වීම් ශාලාවේ දී රැස්විණි.
පාලක ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට සභිකයන් 11 ක්, එක්සත් ජාතික පක්‍ෂයට සභිකයන් 6 ක් ද ජනතා විමුක්ති පෙරමුණට සභිකයන් දෙදෙනෙක් ද එක්සත් ජාතික පක්‍ෂයට එක් සභිකයෙක් ද අයත්ය. මුළු සභික සංඛ්‍යාව විස්සකි.
පාලක ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභික, සමන්ත ගමගේ මහතා පැවසුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ක‍්‍රියාකලාපයට විරෝධය පා තමන් ද මින් ඉදිරියට සභාවේ ස්වාධීන සභිකයෙක් ලෙස කටයුතු කරන බවයි.
සභාපතිධූරය තමන්ට ලබාදෙන්නැයි ඉල්ලා සිටි උප සභාපතිධූරය නියෝජනය කරන රාජපක්‍ෂගේ ඉදුනිල් දර්ශන මහතා පැවසුවේ සභාවේ වැඩ හරියට කෙරෙන්නේද යන්න ගැන වැඩි අවධානයෙන් සිටින බවයි.
සියලූ සභිකයන් සිය ප‍්‍රථම කතාවන් පැවැත්වීමෙන් පසුව සභාපතිවරයාට බලය පැවරීමේ යෝජනාවක් ගෙනාවේය. එහිදී විපක්‍ෂනායක බී.ආරියවංශ මහතා එම යෝජනාවට ඡන්දයක් අවශ්‍ය බව පැවසුවේය.
ඒ අවස්ථාවේ දී බහුතරය අහිමි නිසා සභාපතිවරයා පැවසුවේ ඒ සම්බන්‍ධයෙන් තම පක්‍ෂ නායකත්වයේ සහ නීතිමය උපදෙස් ලබාගත යුතුව ඇති බවයි. එවිට පාලක ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභිකයන් වන පී.ඒ. කුමාරරත්න සහ සුමනපාල රත්නායක යන මහත්වරු සභාව කල්තැබීම සුදුසු බවට යෝජනා ස්ථිර කළේ ය.
ඒ අනුව පෙරවරු 10.30ට ඇරඹූ මංගල සභාව පස්වරු 02.30ට කල් තැබීමට සභාපතිවරයා පියවර ගත්තේ ය.



2025 දෙසැම්බර් මස 16
25
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
822
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කොළොන්න ප්‍රා. සභාවේ මන්ත්‍රීවරු දෙදෙනෙක් ස්වාධීන වෙති
sirimal Wednesday, 11 April 2018 11:54 AM
උණුසුම ගෙවෙන කොට මණ්ඩලේ කචල් බව පෙනෙනවා. පොහොට්ටුවෙත් දැන් කොටස් දෙකක් කියලයි ආරංචි. මේ අවුල නිසා නායකත්වය මහින්ද රාජපක්ෂ ගනීවත්ද?