(එස් .ඩි .කොඩිකාර )
බලපත්‍ර රහිතව කසළ තේ කිලෝ ග්‍රෑම් 1800 ක් ප්‍රවාහනය කළ ලොරි රථයක් අද (14) අනින්කන්ද ප්‍රදේශයේදී එහි රියදුරු සමඟ අත්අඩංගුවට ගත් බව දෙනියාය පොලීසිය පවසයි.
එම අවස්ථාවේ ලොරි රථය ගාල්ල ප්‍රදේශයේ තේ කර්මාන්ත ශාලාවකින් ලබාගත් කසළ තේ තොගය කහවත්ත ප්‍රදේශයේ තේ කර්මාන්ත ශාලාව වෙත ප්‍රවාහනය කරමින් සිටින අතරතුර රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් අනින්කන්ද ප්‍රදේශයේ සැකකටයුතු ලොරිය පරික්ෂා කිරීමේදී කසල තේ පිරවූ බෑග් 220 ක් සමඟ ලොරි රථය රියදුරු සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.
බන්ඩාරවත්ත , කහවත්ත ප්‍රදේශයේ පදිංචි (33) හැවිරිදි රියදුරු මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් දෙනියාය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කසල තේ අරගෙන ගිහිල්ල මොකක් හරි කලුපාට සායමක් දාල ග්‍රෑම් 200, 400 යේ පැකට් හදල ලස්සන නමක් දාල කඩවල් වලට දැම්මට පස්සේ අපි ඒවා සල්ලි දීල අරගෙන කුකුල් සායම බීල ලෝකේ නැති ලෙඩ හදාගෙන ඉක්මනට මැරිලා යනවා.