(රේඛා තරංගනී ෆොන්සේකා )
ලංකාවේ දිනකට එකතුවෙන කසළ මෙට්ට්‍රක් ටොන් 6000න් 60% ක් එකතු වෙන්නේ බස්නාහිර පළාතේ කුණු කඳු 25න් බවත් අඩු භූමියක වැඩි ජන ඝණත්වයක් තිබීම මෙයට හේතුව බවත් බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමණාකරන අධිකාරියේ අධ්‍යක්ෂක නලීන් මාන්නප්පෙරැම මහතා පවසයි.
ජනතාව කසළ ප්‍රතිචක්‍රිකරණ ක්‍රියාවලියට චර්‍යාත්මකව වෙනස් වී සහය නොදැක්වුවොත් ඉදිරි විසි වසර තුළදී මීතොටමුල්ලේ වැනි ඛේදවාචක සිදුවිය හැකි බව ද ඒ මහතා කියයි.
රත්මලාන කරදියාන සහ ගම්පහ දඹුවත්ත කසළ අංගනයන්හී එකතුවන කසළ ප්‍රතිචක්‍රිකරණය සඳහා ඕස්ට්‍රේලියාව සහ ඩෙන්මාර්ක් සමාගම් දෙකක් සමග ගිවිසුම්ගත වීම සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කරමින් ඒ මහතා මෙම බව කීය.
“ මේ කසළ ප්‍රශ්නයට විසඳුමක් ලෙස අප ඩෙන්මාර්ක්වල ෆෙයාවේ වේස් මැනේජ්මන්ට් පුද්ගලික සමාගමත් , ඕස්ට්‍රෙලියාවේ ට්‍රයිලොජි ඊටීසී පුද්ගලික සමාගම සහ ඔපස් ක්ලීන් එන්වයමන්ට් එලායන්ස් සමාගම සමග බස්නාහිර පළාත් මහ ඇමති ඉසුර දේවප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් ගිවිසුමක් අත්සන් කෙරුණා.“
“මේ සඳහා යොදා ගැනෙන්නේ ඩෙන් මාර්ක් සහ නෙදර්ලන්තෙන් හඳුන්වාදුන් තාක්ෂණය.මෙගා වොට් දහයක විදුලි ධාරිතාවක් ජාතික පද්ධතියට එකතු කිරීමටත් බයෝ ගෑස් නිෂ්පාදනය සහ දියර පොහොර නිෂ්පාදනය තුළින් කසළ ප්‍රතිචක්‍රිකරණය සිදු කිරීමටත් සැලසුම් කර තිබෙනවා මේ තුළින් නිවාස 35000කට විදුලිය ලබා දෙන්න පුළුවන් “යැයි ඒ මහතා ප්‍රකාශ කරයි.
COMMENTS
මේ වගේ නිව්ස් ඉස්සර නම් අපි ඉතා අසාවෙන් බැලුව, එත් මේවා කවදාවක් අපේ රටේදී යථාර්තයක් බවට පත් වෙන්නේ නැහැ. කාලෙකට ඉස්සරදි අපේ රටේ පෙට්‍රල්, අද ගන්නවා හෙට ගන්නව කියල කිව්වා එත් එක කවදාවත් සිද්ද වුනේ නැහැ. අපේ රට පෙරටයන්න නම් මේ ජරාජීර්ණ දේශපාලුවෝ සියලු දෙනාම මේ රටෙන් අතුගවිල යන්න ඕනේ.
ක්‍රියාවට නගනවානම් මොනතරම් සතුටුද
ඕක ඉතින් පහුගිය කාලෙම අපි අහපු පරණ සිංදුවක්, අහලාම තිත්ත වෙලා. අපට ඕනෑ ඔය මහා සොයාගැනීම ගැන ආයේ කියවන්න නෙවෙයි, මේක කළා! ප්‍රතිඵල අතිසාර්ථකයි! කියන නිව්ස් අහන්න.
"කසල ප්‍රතිචක්‍රිකරණයෙන් නිවාස 35,000 කට විදුලිය දෙන්න පුළුවන්" මෙහෙම උනාට කොහොමද අපේ දේශපලන්ඝයෝ කුණු කදුවලට පාවිච්චි කරන ලොරි,බැකෝ වලින් සල්ලි හම්බ කරන්නේ? ඕව හරි යන වැඩ නෙවෙයි ලංකාවේ කවදාවත්.