අමල් වික්‍රමරත්න
ජාත්‍යන්තර පොලිසිය හෙවත් ඉන්ටර්පෝල් ආයතනය විසින් ශ්‍රී ලාංකිකයකු වන අවුරුදු ජගමුනි සුජීව ද සොයිසා හෙවත් කොස්ගොඩ සුජී (33) අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර රතු නිවේදනයක් නිකුත්කරනු ලැබ ඇත.
33 ක් වයසැති මෙය ශ්‍රී ලාංකිකයකු අත්අඩංගුවට ගැනීම සඳහා නිලවශයෙන් ලංකාවෙන් කරන ලද ඉල්ලීමකට ජාත්‍යන්තර පොලිසිය රතු නිවේදනයක් නිකුත් කළ පළමු අවස්ථාව බව පොලිස් ආරංචි පවසයි.
මීට ඉහත වතාවන් දෙකකදී වෙනත් රටවලට අවශ්‍ය ශ්‍රී ලාංකික පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට නිවේදන නිකුත් කර තිබේ.
එළැඹෙන පළාත් පාලන මැතිවරණයත්, දකුණේ පාතාල ක්‍රියා ඉතාම ඉක්මනින් මැඩපවත්වා ගැනීමේ වුවමනාවත් මත ශ්‍රී ලංකා පොලීසිය මෙසේ ජාත්‍යන්තර පොලිස් සහාය පතා ඇත. මිනීමැරුමක් සම්බන්ධයෙන් අධිකරණය අවශ්‍ය පුද්ගලයකු ලෙස කොස්ගොඩ සුජී නම් කර ඇත.

COMMENTS
කොහොම හරි අත්අඩංගුවට ගනියි... උසාවියට ඉදිරිපත් කරවී..... පසුව බන්දනාගාරගත කරාවි.රජයේ බෝඩිමේ සිට වැඩේ පටන්ගනීවි....
දැනට අවරුදු කිහිපයකට පෙර පිට රට ගිහින් ඉන්න කොස්ගොඩ නදුන් අල්ලනවා කියල විශාල නාඩගමක් නැටුවා , නමුත් ඔහු අදටත් කිසිම ප්‍රශ්නයක් නැතුව ඉතාලියේ නිදහසේ ජිවත් වෙනවා .මෙවැනි අපරාද කරුවන් ලංකාවට ගෙනත් හිරේ දැම්මට වැඩක් නැත.....කරන්න තිබෙන එකම දෙය අයුධ පෙන්වීමට එක්ක යාමය.....
කොස්ගොඩ නදුන් ඉන්නේ මිලානෝ වල.
ලංකාවට ඕනේ කිව්වම මිලානෝ පොලිසිය පාතාල නදුන්ව අල්ලලා ලකප් කළා. එත් ලංකාවේ පොලිසියට බැරිවුනා ගෙන්නා ගන්න. පාතාල ෆියට් ඉන්නෙත් මිලානෝ වල.
ලංකාවේ අපරාධ වලක්වන්න නම් මිනීමැරුම් , කුඩු චෝධන තිබෙන පුද්ගලයන්ට , වෙන්කළ කුටි සහිත , විද්යුත් තරංග වලට භාද කළහැකි ජමේර් යන්ත්‍ර සවිකරන ලද බන්ධනාගාරවලට ගාල් කලයුතුය.
මේ අයත් එක්කම පිටිගල මිලානෝ වත් ලංකාවට ගෙනියලා පුනරුත්තාපනය කරන්න.
ඉතාලියේ වසන මිතුරනේ, ශ්‍රී ලංකාවේ ආණ්ඩු කියන්නේ හොරු ආරක්ෂා කරන ආණ්ඩු මිස හොරු ආල්ලන ආණ්ඩු නොවෙයි. බලයට පත්වෙන හැම ආණ්ඩුවක්ම තමන්ගේ දේශපාලන විරුද්ධ වාදීන්ව විනාශ කරන්නත් අපරාධ කාරයෝ කුඩු කාරයෝ නම් කුඩු ආදායමෙන් එක්තරා ප්‍රතිශතයක් ලබා ගන්නත් ක්‍රියා කළ නිසා පාතාලය මුළු මනින්ම නැති කර දමන්න අපහසු වී තිබෙනා. හැම විටම බලවත් හස්තයක් පිටු පසින්.
ඔය හාදයටත් මේ සැරේ ඡන්දෙට නාම යෝජනා ලැබිල තියනවද කියල හොයලා බලන්න!