IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


කොස්ගොඩ තාරක ඇතුළු තිදෙනා රිමාන්ඩ්


 
 
(ක්‍රිෂාන් ජීවක ජයරුක්)


මාතර නගරයේ ප්‍රසිද්ධ ස්වර්ණාභරණ ආයතනයක් මංකොල්ල කෑමට පැමිණ පොලිස් සැරයන්වරයකුට වෙඩි තබා ඝාතනය කර තවත් සිව් දෙනෙකුට තුවාල සිදු කළැයි කියන කොස්ගොඩ තාරක ඇතුළු පාතාල කල්ලි සාමාජිකයින් තිදෙනා හඳුනා ගැනීමේ පෙරෙට්ටුවක් සඳහා ලබන 6 වැනිදා තෙක් තවදුරටත් රිමාන්ඩ් බාරයේ තබන ලෙස මාතර වැඩබලන මහේස්ත්‍රාත් හා නීතිඥ තිස්ස දිසානායක මහතා අද (30) නියෝග කළේය.


මෙම නඩුව කැදවන මාතර අතිරේක මහේස්ත්‍රාත් නිල්මිණි කේ.විතාරණ මහත්මිය අද (30) නිවාඩු ගොස් තිබෙන හෙයින් වැඩබලන මහේස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබා දුන්නේය.


ඒ අනුව මෙම සිද්ධියට සම්බන්ධව රිමාන්ඩ් බාරයේ සිටින කොස්ගොඩ තාරක ඇතුළු සැකකරුවන් තිදෙනාම අද (30) බන්ධනාගාර නිලධාරීන් විසින් දැඩි ආරක්ෂක රැකවල් මැද මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත කැඳවාගෙන තිබිණි.


කොස්ගොඩ තාරකගේ නායකත්වයෙන් යුත් මෙම පාතාල කල්ලිය ඉකුත් ජුනි මස 22 වැනි දා මාතර නගරයේ ප්‍රසිද්ධ ස්වර්ණාභරණ ආයතනයක් තුළට කඩා වැදී ගිනි අවි පෙන්වා රන් ආභරණ මංකොල්ලකා තිබුණි.


එම අවස්ථාවේදී පොලීසිය සමඟ ඔවුන් වෙඩි හුවමාරුවක් ඇති කරගත් අතර පාතාල කල්ලියේ වෙඩි ප්‍රහාරයෙන් පොලිස් සැරයන් සුරංග ප්‍රදීප් වීරසිංහ මහතා මරුමුවට පත් වී තවත් සැරයන්වරයකු හා කොස්තාපල්වරයකුද සිවිල් වැසියන් දෙදෙනෙකු ද බරපතල තුවාල ලැබීය.



අදහස් (0)

කොස්ගොඩ තාරක ඇතුළු තිදෙනා රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 626 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site