IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


කුවෙට්හිදී හිරිහැරයන්ට ලක්වූ ගෘහ සේවිකාවෝ 58 ක් යළි ශ්‍රී ලංකාවට

(ටී.කේ.ජී.කපිල )
කුවේටයේ ගෘහ සේවය සඳහා ගොස් සිටියදී , එරට හාම්පුතුන්ගෙන්  විවිධ හිරිහැර , කරදර වලට ලක් වූ , ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 58 දෙනෙකු අද (04)  දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත ආපසු එවා තිබුණි .
 
ඔවුන් තමන් සේවය කළ නිවෙස් වලදී සිදුවන මෙම හිරිහැර , කරදර තවදුරටත් ඉවසා දරා ගෙන සිටීමට නොහැකි විට , ඔවුන් එම නිවෙස් වලින් පලා යමින් සිටියදී , එරට ආරක්ෂක අංශ මගින් අත් අඩංගුවට ගෙන , කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත භාර දී තිබුණි .
 
පසුව ඔවුන් තානාපති කාර්යාලයේ " සුරක්ෂා"  රැදවුම් මධ්‍යස්ථානයේ රඳවා සිට , මෙසේ තාවකාලික ගුවන් ගමන් බලපත්‍ර යටතේ ශ්‍රී ලංකාවට එවා තිබුණි .
 
මෙම පිරිස අතරින් වැඩි පිරිසක් ඔවුන්ගේ වියදමින් ගුවන් ප්‍රවේශ පත්‍ර මිලදී ගෙන තිබුණ අතර , තවත් සුළු පිරිසකට ගල්ෆ් ඉන්ෂුවරන්ස් ආයතනය මගින් ගුවන් ප්‍රවේශ පත්‍ර ලබා දී තිබුණි .
 
ශ්‍රී  ලංකාවේ විවිධ ප්‍රදේශ වල පදිංචිකාරිනියන් වූ මෙම පිරිස , අද 04 දින උදෑසන 6.20 ට කුවේටයේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 230 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි . මෙම පිරිස අතර සිටි එක් ගෘහ සේවිකාවක් අසනීප තත්වයෙන් පසු වූ අතර , ඇයට ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය මධ්‍යස්ථානයෙන් අවශ්‍ය ප්‍රතිකාර ලබා දී , පසුව  ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සහන පියස වෙත රැගෙන ගොස් තිබුණි .


 



අදහස් (0)

කුවෙට්හිදී හිරිහැරයන්ට ලක්වූ ගෘහ සේවිකාවෝ 58 ක් යළි ශ්‍රී ලංකාවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 640 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site