(මුදිතා දයානන්ද)
වසර දෙකක් තිස්සේ කුලී මුදල් නොගෙවීමෙන් කැස්බෑව ප‍්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගීන් සම්බන්ධිකරණ කටයුතු සිදුකෙරන මාතෘ හා ළමා සායන 8 ක් වැසී යාමේ අවදානමකට ලක්ව තිබේ.
මෙම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල සදහා මුදල් ගෙවනු ලබනුයේ කැස්බෑව නගර සභාව සහ පළාත් සෞඛ්‍ය අමාත්‍යංශය විසිනි.
කැස්බෑව නගර සභා බල ප‍්‍රදේශයේ ප‍්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල දෙකක් පවතී. කැස්බෑව ප‍්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මෙතෙක් පවත්වාගෙන යනු ලැබුවේ කුලී පදනම මත ලබාගත් නිවසක බවද ඒ සඳහා කුලී මුදල් වසර දෙකක් තිස්සේ කැස්බෑව නගර සභාවෙන් ගෙවනු ලැබූ බවද ජනතා විමුක්ති පෙරමුණේ කැස්බෑව නාගරික මන්ත‍්‍රී චාමර මහතා ලංකාදීපයට පැවසීය.
අදාල ආයතන මගින් මෙම මුදල් ගෙවීමට කටයුතු නොකළහොත් කැස්බෑව ප‍්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වැසීයාමේ අවදානමකට ලක්වනු ඇතැයිද එහි බලපෑම මාතෘ හා ළමා සායන 8 සහාද බලපෑමක් වන බව මන්ත්‍රීවරයා සහන් කරයි.
එම කාර්යාලය පවත්වාගෙන යනු ලැබු නිවසේ කුලී කාල සීමාව ඉක්මවා යාම නිසා වෙනත් ස්ථානයකට කාර්යාලය ගෙන යාමට සිදුවු බවද එහි කුලී මුදලද ලබාදෙන මෙන් කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි නගර සභාවෙන් ඉල්ලීමක් කර තිබෙන බවද ඔහු පැවසීය. එහෙත් තවදුරටත් එසේ කුලිය ගෙවීමට නොහැකි බවත් එය පළාත් සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ලබාගන්නා ලෙසත් නගර සභාව ලිඛිතව දන්වා ඇති බවද ඔහු පැවසීය.
2025 දෙසැම්බර් මස 18
612
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
296
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1095
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කුලී නොගෙවීමෙන් මාතෘ-ළමා සායන 8 ක් වැසීයාමේ තර්ජනයක්