ජනීවා මානව හිමිකම් කවුන්සිලයෙන් ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති යෝජනා ක්‍රියාත්මක කිරීමට ලක් රජය තව දුරටත් කාලය ඉල්ලීම ගැන දෙමළ ජාතික සන්ධානයේ විරෝධතාවක් නැතැයි එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් මහතා අද (27) පැවසීය.
ඒ සඳහා කාලය දීර්ඝ නොකරන ලෙස ඉල්ලමින් දෙමළ ජාතික සන්ධානයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරුට ලිපියක් යවා නැතැයි ද සුමන්තිරන් මහතා කීවේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් මහතා එසේ කීවේ කොළඹ 07 විපක්ෂ නායක කාර්යාලයයේ පැවැති මාධ්‍ය හමුවකින් පසු මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.
තමන්ට අවශ්‍ය වන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසියේ සම්මත වූ යෝජනා ක්‍රියාත්මක කර ගැනීම බවත්, කාලය දීර්ඝ කිරීමට විරුද්ධ ඇතැමුන් ඒ ගැන කතා නොකරන බවත් සුමන්තිරන් මහතා වැඩිදුරටත් කීවේය.
වත්මන් ආණ්ඩුව ගැන තවදුරටත් විශ්වාසය තබාගෙන සිටිනවාදැයි විපක්ෂ නායක ආර් සම්බන්දන් මහතාගෙන් විමසූ විට ඒ මහතා කීවේ කෙසේ හෝ ආණ්ඩුව මගින් ප්‍රශ්න විසඳා ගැනීමට උත්සාහ කරන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd