
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
කල්පිටිය තිහලිය ප්‍රදේශයේ දී අද (8) අත්අඩංගුවට ගත් රත්තරං වල වටිනාකම රුපියල් නව කෝටි පනස් තුන්ලක්ෂ හයසිය තිස් හයක් බව ශ්‍රී ලංකා රේගුව සනාථ කළ බව පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසීය.
මෙම රත්තරං තොගය අද (08) පාලවිය සිට කල්පිටිය දක්වා සැකකරුවෙකු මෝටර් රථයකින් රැගෙන යමින් තිබියදී පුත්තලම පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
මෙම රත්තරං තොගයේ කිලෝ නවයයි ග්‍රෑම් 592 ක් තිබූ බවත් එහි රන් වර්ගීකරණය අනුව කැරට් 22 කට වැඩි බවද පොලිසිය සඳහන් කළේය.
මෙම රත්තරං තොගය රියදුරුගේ යාබද අසුන යට සඟවා රැගෙන යමින් තිබියදී අත්අඩංගුවට ගෙන තිබුණි.
රත්තරං තොගය සමඟ අත්අඩංගුවට ගත් සැකකරු ශ්‍රී ලංකා රේගුවට බාර දුන් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයසේකර මන්ත්‍රීතුමා නම් කිව්වේ ඔක්කොම එකතුවෙලා එයාට බොරු චෝදනා හදලා හිරේ යැව්වා කියලනේ... මේවත් ඒවගේ බොරු වැඩ වෙන්නත් පුළුවන් නේද? කෙනෙක්ට එහෙම හිතෙන්නත් පුළුවන් නේද..?
රේගුවට බාරදුන්නා නම් හරියටම හරි. අහන්න බලන්න දෙයක් නෑ. කොහොමත් රත්තරන් ගිලින්න බලාගෙන ඉන්න බහිරවයෝ සෙට් එකක්ම දැන් ලොකුම තැන්වල ඉන්නවා. යුද්ධයෙන් පස්සෙ හොයාගත්ත රත්තරන් වලට වුණු දේම මේ ටිකටත් වෙයි.