(ඉන්දිකා රාමනායක)
වර්ජනයේ නිරත ඛණිජතෙල් සේවකයින්ට කොලොන්නාවදී මැර පිරිසක් පොලූ වලින් පහර දුන් බවට කිසිදු පැමිණිල්ලක් මෙතෙක් පොලිසිය වෙත ලැබී නොමැති බවත් එසේ පැමිණිල්ලක් ලැබුණහොත් පරීක්ෂණ පවත්වන බවත් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.
එවැනි පහර දීමක් සිදුකළ බවට කිසිදු උසස් නිලධාරියකුට මේ දක්වා පැමිණිලි ලැබී නොමැති බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියයි.
මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබුණොත් පොලිසිය පරීක්ෂණ පවත්වන බවද ඒ මහතා කියයි.
පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා මේ බව පැවසුවේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (27) පැවති මාධ්‍ය හමුවකදී ය.
COMMENTS
මට ගිරාපෝතක කතාව මතකයට එනවා.
පොලිසියට බදවාගැනීමේදී උස සහ පපුව විතරක් නොව "කොදු නාරටිය" තිබෙනවාද කියා පරීක්ෂා කරන්නට යෝජනා කරමි.
අපි නිව්ස්වල නම් දැක්කේ සිල් ගත්ත උපාසක මහත්වරු වගයක් ස්ට්‍රයික් කරපු අයට පොලු වලින් පවා ගහනවා වගේ.
මේක මාර වැඩක් නේ... ඇස්පනාපිට පහරදෙනවානම් අත්අඩංගුවට ගන්න පැමිණිල්ලක් ඕනද.. මේක මාරම පොලිසියක්නේ... ඒ පහර දීමකින් කාටහරි ජීවිතයකට අනතුරක් උනානම් කවුද වගකියන්නේ.
මැරයන්ට අත තිබ්බොත් වෙන්න යන දේ පොලිස් කාරයෝ දන්නවා, පැමිණිල්ලක් තියෙන්නම ඕන එතකොට අත්අඩංගුවට ගන්න, ලිෆ්ටන් වටරවුමේ හිටපු සිසුන් අත්අඩංගුවට ගත්තේ කවුරු පැමිණිලි දාලද, ඉරිදා දවසේ කාටද රාජකාරි වලට යන්න බාධා උනේ, පොලිසිය කඩේ යන එකත් සීමාවක් තියෙන්න ඕන,
ලොකු පොලිස් නිලධාරින් ඉස්සරහ දීම පොලු මුගුරු ගත්ත මැරයෝ සේවකයන්ට ගහපු හැටි අපි ටි.වී. වලින් දැක්කා. ඔබතුමා ඉතින් ඒ ගැන මුකුත් දන්නේ නැද්ද?
ඒ කියන්නේ පැමිණිල්ලක් නැත්නම් ගමක් වනසලා දාල ගියත් පොලිසිය සොයන්නේ නැතිව ඉඳීවි කියන එකද?
එහෙම එකක් වුණාද? ...කැමරාවේ තිබිල රුප පෙට්ටියේ පෙන්නපු එව්වා.. අපි දක්කෙත් නෑ...මූණු ඉදිමිලා තිබ්බෙත් නැහැ. මම හිතන්නේ මේකේ වර්ජනය කරපු අයම තමන්ටම ගහගෙන වගෙයි. රූප පෙට්ටියේ කීව්වා මන් අහගෙන... කව්රු වුණත් වර්ජන කරපු අයට ගහපු එක නම් හොඳයි... ඒ ගැන සතුටුයි කියලා කිව්වා. අපරාදේ යහපාලන ආණ්ඩුවට මඩගහන්න රජය පෙරලන්න කියන කතා ඒවා තමයි.
මැරයන්ට විරුද්දව සාමාන්‍ය ජනතාව පැමිණිලි කරන්න පුළුවන් කාලයක් ලංකාවේ කවදාවත් දකින්න ලැබෙන්නේ නැහැ .පොලිස්සියත් කතාකරන්නේ මේක හරියට එංගලන්තේ කියල හිතාගෙන
මෙයත් හරියට සිරිසේන මහත්තයා වගේ. මොකුත් දන්නේ නැහැ. කොහොමත් ඉතින් ගිරා පෝතකයෙක් වගේ කියවන එක විතරයි කරන්නේ...
ඕකත් බීපු මිනිස්සු කණ්ඩායමක් කල පහරදීමක් වෙන්න බැරිද?