IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා


කිරි ඉබ්බන් 96 ක් සොයා ගැනේ

(රත්න චන්ද්‍රසේන ගමගේ)
කිසියම් අයෙකු විසින් නොගැඹුරු වලකට දමා සිටි ඉබ්බන් 96 දෙනෙකු සොයා ගැනීමට හම්බන්තොට වන ජීවි කාර්යාලයේ නිලධාරීන්ට හැකි වී තිබේ.


හම්බන්තොට ‘‘කැටන් වැව‘‘  ඉස්මත්තේ වලක් තුළ මෙම ඉබ්බන් සමූහය  සිටි බවත් ප්‍රදේශවාසියෙකු විසින් කළ දැනුම් දීමකට අනුව මෙම ඉබ්බන් සමූහය සොයා ගත් බවත් වනජීවී නිලධාරීහු පවසති.


ඊයේ (27) සවස 06 ට පමණ මෙම ඉබ්බන් සමූහය සොයා ගත් අතර මෙරටට ආවේනික නොවූ රතු කන් ඉබ්බෙකුද ඒ අතර සිටි බවත් පැවසේ. කිසියම් අයෙකු විසින් මෙම ඉබ්බන් සමූහය මෙම වළට දමන්නට ඇතැයි වනජීවී නිලධාරීහු සැක කරති .


සොයා ගන්නා ලද ඉබ්බන් 96 දෙනා ඊයේ රාත්‍රියේම බූන්දල වනෝද්‍යානයේ පිහිටි ජලාශයකට මුදා හල බව වනජීවී නිලධාරීහු පැවසූහ.



අදහස් (4)

කිරි ඉබ්බන් 96 ක් සොයා ගැනේ

erdi Saturday, 28 July 2018 04:26 PM

ඔය පැත්තේ ඉදිකිරීම්වලට ගිය චීන්නුන්ට විකුණන්න අපේම සිංහලයෙක් හංගපුවා. මොනවද ඉතින් සල්ලි දෙනවා කිව්වොත් ඕනෙම ජරා වැඩක් කරයි අපේ අය... ඕනෙම සතෙක් කනවා පුටු, මේස හැර... ඒ හින්දා ඉල්ලුම ඉහළයි.

:       0       0

kamal UK Saturday, 28 July 2018 05:34 PM

ෂිහ්.. අපරාදේ රස කෑමක්නේ...

:       4       0

සතයපාල Sunday, 29 July 2018 07:09 AM

ඉබ්බෝ සම්මන්ත්‍රණයක් වත් තියන්න රැස් වුණාද මන්දා?

:       0       13

ලුම්බිණි Sunday, 29 July 2018 09:13 AM

අපේ චීන යහළුවන්ගෙන් යන්තම් මේ වාරේ බේරුණා.

:       0       15

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 351 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 430 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 402 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site