චන්ද්‍රසේන ගමගේ
කොබවක ධම්මින්ද හිමියන්ට වෙඩි තැබූ බවට චෝදනා ලැබූ කපුවා ඇතුළු සැකරුවන් තිදෙනා තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට රැගෙන ඒමෙන් පසු අද (17) සවස වැඩිදුර විමර්ශන සඳහා කතරගම පොලිසියට රැගෙන ගියේය.
සිද්ධිය සම්බන්ධයෙන් අදාළ කපුවා ඇතුළු සැකකරුවන් තිදෙනා ඊයේ (16) අත්අඩංගුවට ගැණිනි.
පසුගිය 12 වැනි දා සිදුකළ මෙම වෙඩි තැබීමෙන් ධම්මින්ද හිමියන් මේ වන විට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබයි.

COMMENTS
දැන්වත් මේ මිථ්‍යාදෘෂ්ඨික, වංචාකාරි කපුවන් පස්සේ යන එක නවත්වමු. දෙවියන් අැති දිව්‍ය ලෝකේ. හැබැයි මෙයාලා ළඟ නෑ. මම දැක්කා ගුප්ත බලයකින් අනාවැකි කියනවා කියන රටේ ප්‍රසිද්ධ කාන්තාවක් අනාවැකියක් කියනවා ඊළඟ මාස තුනේ දැඩි නියඟයක් එනවලු. ඊළඟ මාස තුන ලංකාවේ කොහොමත් හැමදාම එහෙම තමා. දේශගුණය ගැන දන්නෝ එ්ක දන්නවා. එතුමිය දැන්ද කොහෙද එ්ක දන්නේ...? මීට පෙර වසර දෙකේත් වියළි කලාපයට හරියට වැස්සක් නැති නිසා නියඟය ටිකක් දරුණුවට දැනෙයි. එ්ක තේරුම් ගන්න එතුමියගේ ගුප්ත බලය වුවමනා නෑ. එ්කත් හරියට අර වියළි කලාපයට සැප්තැම්බර් 20 සිට වහින්න ගන්නවා. කපුවෝ 15 සිට දේව කන්නලව් තියනවා වහින්න. කොහොමත් වහින වැස්ස වැස්සම මිනිස්සු හිතනවා කපුවන්ගේ වැඩ කියලා.
බුද්ධ චීවරය පසා කරගෙනෙ යන්න වෙඩි වරුසාවක් එල්ල කරනකොට, ඔය කියන මහා බලසම්පන්න කතරගම දෙවියෝ හිටියේ පිටරටද ? දෙවිවරු හතුරන්ටවත් විපතක් වීමට කටයුතු නොකරන කාරුණික හදවත් ඇති, කරන ලද පින් බලෙන් ඕපපාතිකව පහළවන කොටසක් ......
කපුවා කපෝතියි...