(ජනත් ද සිල්වා )
කතරගම කිරි වෙහෙර නාහිමි ඝාතනය කිරීමේ සැලසුම අනුව කළ සියලූ පරික්ෂණ අනුව රස පරික්ෂක දෙපාර්තමේන්තුවට යවන ලද නඩු භාණ්ඩ සම්බන්ධයෙන් හා රුධිර සාම්පල් සම්බන්ධ වාර්තා ලබා ගැනීම සදහා එම ආයතන වලට පසු විපරම් ලිපි යවන ලෙසත් සිද්ධියට සම්බන්ධ සියලූම සැකකරුවන් මාර්තු 13 වන දින දක්වා යළි බන්ධනාගාර ගත කරන ලෙස තිස්සමහාරාම මහේස්ත‍්‍රාත් කාංචනමාලා ගුරණසේකර මහත්මිය 27වනදා නියෝග කළාය .
මෙම නඩුව සම්බන්ධයෙන් රජයේ රස පරික්ෂක වරයා වෙත යවන ලද පරික්ෂන සම්බන්ධ සියලූ වාර්තා කැදවන ලෙසත් එහි උදෘත අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මහේස්ත‍්‍රාත්වරයි එහිද පොලිසියට වැඩිදුරටත් නියෝග කලාය
කිරිවෙහෙර නාහිමිට වෙඩි ප‍්‍රහාර එල්ල කළ අවස්ථාවේ ගිවි අවි වලින් පිට වු උණ්ඩ කොටස් වල සහ නාහිමියන්ගේ ශරිරයෙන් වහනය වු රුධිර සාම්පල වල පරික්ණ වාර්තා සහ සැකකරුවන්ගේ දුරකථන විශ්ලේෂණ වාර්තා පරික්සණ කඩිනමින් අවසන් කර ඒවායේ උදෘත කඩිනමින් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව කතරගම පොලිසිය අධිකරණය හමුවේ පැවසීය
එසේ රිමාන්ඞ් භාරයට පත් කරන ලද්දේ කතරගම කිරිවෙහෙර මහසෙන් දේවාලයේ හිටපු කපුවකු වන බෝපෙගෙදර අසේල ලක්මාල් ( 40 ) එකම පවුලේ නිවුන් සොහොයුරන් දෙදෙනෙකු වන ජයවික‍්‍රම කංකානම්ගේ නුවන් කුමාර , ජයවික‍්‍රම කංකානම්ගේ ධනුෂ්ක , ( 24 ) මාරපතිරගේ කවිෂ්ක දිල්ශාන් , අශාන් අනුරාධ , හේවාවිතානගේ සුගත් ( 40 ) යන සැකකරුවන් වේ.
මෙම සිද්ධියට සම්බන්ධ අත්අඩංගුවට පත්ව සිටි 06වන විත්තිකාරිය වු දිපිකා දිල්හානි වීරරත්න යන අය ද හම්බන්තොට මහාධිකරණයේ ඇප ලබා ගෙන මෙදින අධිකරණය හමුවේ පෙනි සිටියාය
1996 අංක 22 දරණ ගිනිඅවි සංශෝධන පනතේ 44 ( අ ) සහ ලංකා දණ්ඩ නිති සංග‍්‍රහයේ අපරාධ විධිවිධාන පනතේ 300 වන වගන්තිය යටතේ මෙම සැකකරුවන්ට එරෙහිව පොලිසිය ගොනුකර ඇති චෝදනා වේ.
පසුගිය 2018 ජුනි මස 12 වන දින රාත‍්‍රී 10 .40ට පමණ කිරිවෙහෙර නාහිමියන් ඇතුලූ තවත් හිමිවරුන් කිහිප නමක් කිරිවෙහෙර චෛත්‍යය වහන්සේ වන්දනා මාන කර ආපසු සංඝාවසයට පැමිණෙමින් සිටියදී විහාරයේ පියගැට පෙළ අසල නුග ගසක් මුල සැගවි සිටි තුවක්කුකරුවන් එල්ල කර වෙඩි ප‍්‍රහාරයකදි කිරිවෙහෙර රජමහා විහාරය ඇතුළු පංචමහා විහාරයන්හි විහාරාධිපතිත්වය දරණ රුහුණු මාගම් පත්තුවේ ප‍්‍රධාන සංඝනායක කොඹවක ධම්මින්ද නාහිමි සහ ඒ අසලින් ගමන් කරමින් සිටි කිරිවෙහෙර වාසි තවත් හිමි නමක් මෙම වෙඩි ප‍්‍රහාරයන්ට ලක්ව බරපතල තුවාල ලබා එදිනම රෝහල් ගත කරන ලදි.
2025 නොවැම්බර් මස 21
31
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
144
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
992
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
කිරිවෙහෙර නාහිමිට වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ්