( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
කෙරවලපිටියේ ඉදිකිරීමට නියමිත ස්වභාවික වායු බලාගාරයේ ඉදිකිරීම් කටයුතු චීන සමාගම වෙත පැවරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම ලබන මෙම මස 23 වැනිදා තෙක් කල් දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (01) තීන්දු කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම සලකා බැලිම මෙසේ කල් තබනු ලැබුවේ නියමිත විනිසුරු මඩුල්ලේ සමාජික මඩුල්ල නොමැති වීම හේතූවෙනි.
මෙම පෙත්සම ඊවා වනසුන්දර , නලින් පෙරේරා සහ එල්.ටී.බී.දෙහිදෙනිය යන ත‍්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අතර එහිදී පෙත්සම් සලකා බැලීම මෙදිනට කල් තැබිණි.
අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ,විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් සහ විදුලිබල හා පුනර්ජනනීය අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු 82 දෙදෙනෙකු නම් කර තිබේ.
පෙත්සම්කරු සිය පෙත්සම මඟින් අධිකරණයට පෙන්වා දී ඇත්තේ අදාළ බලාගාරයේ ගොඩනැගීමේ කටයුතු ”ලක්ධනවි ” නැමැති ලාංකික සමාගමක් වෙත පැවරීමට ඒ පිළිබඳව අධ්‍යයනය කළ තාක්ෂණ ඇගයීම් කමිටුව තීන්දු කර තිබූ බවයි. එහෙත් තාක්ෂණ කමිටුවේ නිර්දේශ උල්ලංඝනය කරමින් අදාළ කටයුතු චීන සමාගමක් වෙත පැවරීමට රජය ක‍්‍රියා කරමින් සිටින බව තමන්ට දැනගන්නට ලැබෙන බව සඳහන් කරන පෙත්සම්කරු ඒ හරහා ශ‍්‍රී ලංකා රජයට මෙන්ම විදුලි පාරිභෝගිකයන්ට ද විශාල අගතියක් සිදුවන බවද සඳහන් කරයි.
මේ හේතුවෙන් අදාළ බලාගාරයේ ඉදිකිරීම් කටයුතු චීන සමාගම වෙත පැවරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා පෙත්සම්කරු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.
2025 දෙසැම්බර් මස 04
519
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
478
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
418
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කෙරවලපිටිය වායු බලාගාරයේ ඉදිකිරීම් වැලැක්වීමේ පෙත්සම සලකා බැලීම කල්යයි