(රංජන් කස්තුරි)
කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ අද (10) පැවති ජනාධිපති මාධ්‍ය සම්මාන 2018 උත්සවයට ආරාධනා ලැබ පැමිණි ජාතික පුවත්පත් කිහිපයක කර්තෘවරුන්ට නිසිපරිදි ආසන වෙන්කර නොතිබීම පිළිබඳව කඩිනමින් පරීක්ෂණයන් පවත්වන බව ජනමාධ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවැසීය.
ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙලට ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතන ප්‍රධානීන්ට කර්තෘවරුන්ට සහ ජනමාධ්‍ය වේදීන්ටත් ආරාධනා කර තිබු නමුත් , ඔවුන්ගේ ගෞරවය ආරක්ෂා වන පරිදි ආසන වෙන්කර නොතැබිණි.
සංවිධායක කමිටුව එහි වගකීම ගත යුතු බවද එවැන්නක් සිදුනොවීම පිළිබඳව සොයා බලාන බවද රුවන් විජයවර්ධන මහතා පැවැසීය.
පුවත් පත් කර්තෘවරුන්ට සිදුවූ අපහසුතාවය පිළිබඳව තමා කණගාටුව පළ කරන බවද ඇමැතිවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අශ්වයා පැනලා ගියාට පස්සේ දොරවල් වහලා වැඩක් නැහැ. ආණ්ඩුවට කිසිම මාධ්‍ය ආයතනයකින් හොඳක් අහන්න ලැබෙන්නේ නැති මේ කාලයේ ඔය වගේ වැඩ නිසා පත්තර වලින් අහගන්න ලැබෙයි කන් දෙකේම ඇඟිලි දහයම ගහගන්න ප්‍රතිඋත්තර...
කොහොමත් මේ කට්ටිය අශ්වයා පැනලා ගියාට පස්සේ ඉස්තාලය වහන සෙට්එකනේ...
ජනාධිපති මාධ්‍ය සම්මාන 2018 උත්සවයට ආරාධනා ලැබ පළමු පෙළ ආසන ලැබෙනුයේ එම උත්සවයට ප්‍රචාරයක් දුන් අයට පමණක් වෙන්නට ඇත. රාජ්‍ය උත්සව සඳහා ප්‍රචාරය නොදෙන කණ්ඩායම්වලට පළමු පේලියේ අාසන වෙන් නොකිරීමට සංවිධායක මණ්ඩලය සිතුවා විය හැකිය. එහි වරදක් නොමැත...
වර්තමානයේ වැඩිපුර ඉන්නේ සංවර්ධනය කරන නිළධාරීන් වුනත් ඔවුන්ගේ තීරන ගැනීමේ හැකියාව තේරුම් ගැනීම අපහසුයි. ඔවුන්ට ඉහල අධ්‍යාපනයක් තිබුනට පුහුණුව හා පලපුරුද්දක් නැහැ එය ඇතිකර ගැනීමට ඔවුන් උනන්දුත් නැහැ. කාගේවත් උපදෙස් ගන්නත් කැමතිත් නැහැ.ඇමතිතුමාගේ පුද්ගලික කාර්ය මංඩලයේ ලේකම් කෙනෙකුට පසුවිපරුමක් පවරා වැඩ කලානම් ඔහොම වෙන්නේ නැහැ