තරිඳු ජයවර්ධන සහ ඉන්දිකා රාමනායක
‘නිදහස් කුසලාන’ තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ආරක්ෂාව සඳහා පොලිසියේ 1000ක් යොදවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී නීතීඥ රුවන් ගුණසේකර මහතා පැවසීය.
රුවන් ගුණසේකර මහතා ඒ බව කීවේ අද ආරක්ෂක අමාත්‍යංශ මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවකදීය.
රටේ හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කර තිබියදී විදේශයන්ගෙන් පැමිණි ක්‍රිකට් කණ්ඩායම්වල ආරක්ෂාව සම්බන්ධයෙන් ගෙන ඇති පියවර මොනවාදැයි මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා එසේ කීවේය.
ක්‍රිකට් කණ්ඩායම්වල තහ ක්‍රිකට් තරඟ පවතින ස්ථානයේ ආරක්ෂාවට නිල ඇඳුම් ඇඳගත් පොලිස් නිලධාරීන්ට අමතරව සිවිල් ඇඳුමෙන්ද පොලිසියේ විෂාල පිරිසක් යොදවා ඇතැයි රුවන් ගුණසේකර මහතා පැවසීය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.