හවානාහිදීය (රොයිටර්)
කියුබාවේ හවානා සිට ගමන් ආරම්භ කළ බොයිං 737 ගුවන් යානයක් කඩා වැටීමෙන් එහි සිටි 100කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.
වසර 30කට කියුබාවේ සිදු වූ දරුණුතම ගුවන් අනතුර මෙය යැයි ද වාර්තා වේ. අනතුරට පත්ව ඇත්තේ රට අභ්‍යන්තර ගුවන් ගමන්වලට යොදාගන්නා යානයකි.
හවානා සිට නැගෙනහිර කියුබාවේ හොල්ගුවින් වෙත ගමන් කරමින් තිබියදී මෙලෙස යානය කඩා වැටී තිබේ. යානය අනතුරට පත්වන අවස්ථාවේදී දරුවන් පස් දෙනකු සහ කාර්ය මණ්ඩලය ද ඇතුළුව 105 දෙනකු එහි සිට ඇතැයි කියුබානු රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබිණි.
ගුවන් අනතුරත් සමඟ මැයි (19) එනම් අද උදෑසන 6 සිට හෙට මැයි (20) දහවල් 12 වනතෙක් ජාතික ශෝක කාලයක් ප්‍රකාශ කිරීමට ද කියුබා බලධාරීහු කටයුතු කළහ.


055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පවුල් වල අයට මෙන්ම ලෝකයටම ඉතා සංවේග ජනක අනතුරක්