(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මුලතිව් මල්ලාවි වව්නිකුලම් වැවට අද (19) සවස 4ට පමණ කැබ් රථයක් පෙරළීමෙන් කුඩා දරුවන් දෙදෙනෙක් ඇතුළු තිදෙනෙක් අතුරුදන් වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය.
   
                  
මෙලෙස අතුරුදන්ව ඇත්තේ වයස අවුරුදු 2 ක ගැහැණු දරුවෙකු වයස අවුරුදු 12ක පිරිමි දරුවකු සහ වයස අවුරුදු 38 ක පිරිමි පුද්ගලයෙකු මෙලෙස අතුරුදන්ව ඇත .
     
                  
කැබ් රථය පෙරලීමෙන්  එහි තුළ සිටි තවත් අවුරුදු 12 ක පිරිමි දරුවෙකු වැවට වැටීමෙන් අනතුරුව ප්‍රදේශවාසීන් විසින් බේරාගෙන  ඇති බවට වාර්තා වූ බව මාධ්‍ය ප්‍රකාශකවරයා කිය.
     
                    
වැවට වැටී අතුරුදන් වූ  තිදෙනා මල්ලාවි සෙල්ල පුරම්  ප්‍රදේශයේ  පදිංචිකරුවන් බවත් ඔහුන්  සොයා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.