(මහේෂ් කිර්තිරත්න)
ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඇතුලු ආණ්ඩු පත් කිරිමට පමණක් මාතලේ ජනතාවගේ ඡන්දය ලබා ගන්නා බවත් සිදුවු කැබිනට් සංශෝධනය පිළිබදව කනස්සල්ලෙන් පසුවන බව මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති පාර්ලිමෙන්තු මන්ත්‍රි (එ.ජා.ප) රංජිත් අලුවිහාරේ මහතා අද (03) දා මාතලේ පැවති මාධ්‍ය හමුවකදි පැවසිය.
වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රිවරයා කියා සිටියේ මාතලේ දිස්ත්‍රික්කයට අමාත්‍යධූර ලබා දිමේදි දැඩි අසාධාරණයක් සිදු වු බවත් පසුගිය ජනාධිපතිවරණය.මහ මැතිවරණය ජයග්‍රහණය කළ බවත්ය. නමුත් යහපාලන ආණ්ඩුව විසින් ඇමතිධුර පත් කිරිමේදි සිදු වු සියලු සංශෝධනවලදි දැඩි අසාධාරණයක් සිදු බවද පැවසිය.
මාතලේ ජනතාවට සේවය කිරිමට නම් වගකිව යුතු අමාත්‍යධුරයක් ලබා දිම ආණ්ඩුවේ නායකයින්ගේ වගකිමක් බවත් මාතලේ දිස්ත්‍රික්කය සංවර්ධනය කරා රැගෙන යාමට මේ සියලු කටයුතු කරන්නේ.නමුත් අපට වැඩ කරන්න පුළුවන් තනතුරුවලට පත් කිරිමේදි මාතලේ නොසැලකිලිමත් කර තිබෙනවා.
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරු තිදෙනෙකු ඉන්නවා.තියෙන්නේ එන රාජ්‍ය අමාත්‍ය ධුරයයි.අපි ඉල්ලනේ ජනතාවට සේවය කරන්න අවස්ථාව දෙන්න කියලා යැයිද අලුවිහාරේ මහතා පැවසිය.
COMMENTS
ජනතාවට සේවය කරන්න අමාත්‍ය ධුරයක් නැතුවම බැරිද? ජනතාවට සේවය කරගන්න බැරිවෙච්ච එක ගැන වෙන්න ඇති මේ කනස්සල්ල, නේද?
මෙතුමාගෙන් මාතලේ ජනතාවට වුණු සේවය නම් බොහොම අල්පයි.
යහපාලන ආණ්ඩුවට එකතු වී සිටින සියලුම දේශපාලන ජනතා සේවකයින්ට ඇමතිකම් දෙන්න. වාහන දෙන්න, සුඛෝපභෝගී ගෙවල් දෙන්න.මොකද මේ මහත්වරුන්ට ඇමතිකම් නැතිව අමාරුයි.
මෙයා මේ අවුරුදු තුනට මාතලේට මොනවද කරලා තියෙන්නේ. නිකන් බොරු කයිවාරුව විතරයි.