IMG-LOGO

2025 ඔක්තෝබර් මස 16 වන බ්‍රහස්පතින්දා


‘කැබිනට් මණ්ඩලයේ විද්‍යාත්මක බව හොයන්නත් කමිටුවක් දාන්න වෙයි‘

(අනීෂා මානගේ)


 

පි විද්‍යාත්මකව කැබිනට් මණ්ඩලය තෝරනවා කිව්වා. මේ තෝරපු කැබිනට් මණ්ඩලයේ විද්‍යාත්මකභාවය හොයන්න වෙනම කමිටුවක් දාන්න වෙනවා.‘ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්  රාජපක්ෂ මහතා පැවසීය.

මේ බොරුව ඊළග අවුරුදු එකහමාරේ බලය රඳවාපවත්වා ගැනීම සදහා කරන්නා වූ වැඩපිළිවෙලක්  හැර රටේ ජනතාවගේ ප්‍රශ්න විසදන්න ගත්ව්‍යායාමයක් නෙවේ යැයි ද මන්ත්‍රීවරයා පැවසීය.

හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මෙසේ පැවසූයේ අද (01) තංගල්ල කාර්ල්ටන් නිවසේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද පැවසීය.

‘මේ බොරුවෙන් මූණවල් මාරු කරලා ඔළුගෙඩි මාරු කරලා අරයගේ තනතුර මෙයාට දීලා මෙයාගේ තනතුර අරයට දීලා මේ රටේ ජනතාව මුලා කරන්න ආණ්ඩුව ලෑස්ති වෙනවනම් ඒක වැරදියි. මේ රටේ ජනතාව තවත් වතාවක් රැවටෙන්න ලෑස්ති නැහැ. මැතිවරණ කල් දාන්න භාවතා කරපු තුනෙන් දෙකේ ලයෙන් පාර්ලිමේන්තුව විසිරුවන්න.

මැතිවරණයක් තියන්න. ඒ මැතිවරණයෙන් පත්වෙලා ආපු අයව විද්‍යාත්මක ක්‍රමයෙන් තෝරගන්න. මේක නම් විද්‍යාත්මකභාවය මෛත්‍රීපාල සිරිසේන මහත්තය පොරොන්දුවන එහෙම නම් මේක තමයි ලෝකෙ තියෙන හොදම විහිළුව. 

ඇමති මණ්ඩලයේ විද්‍යාත්මකභාවය අපි දැක්කා. මොණරාගල විජිතමුණි ඇමතිතුමාට ධීවර අමාත්‍යංශය දීලා. මුහුදක් දැකලත් නෑ. මුහුදක් පේනතෙක් මානයක නැහැ. රැල්ලක් පාගන්න හම්බවෙලත් නැහැ. හැබැයි එක විද්‍යාත්මක භාවයක් නම් තියෙනවා සරත් ෆොන්සේකා මහත්තයට දීලා වනජීවි. ෆොන්සේකා මහත්තයට කලවැද්ද කිව්වෙ අපි නෙවෙයිනේ. ඒ අයමනේ. 



අදහස් (8)

‘කැබිනට් මණ්ඩලයේ විද්‍යාත්මක බව හොයන්නත් කමිටුවක් දාන්න වෙයි‘

rnaja Tuesday, 01 May 2018 11:24 AM

විද්‍යාත්මකව හිතලා කොමෙන්ට එකක් දාන්න කල් දෙන්න.

:       0       0

Ruwan Tuesday, 01 May 2018 11:56 AM

ඔබලාගේ කාලයේ වුනේ රජ ගෙදර පිරිසට සලකල අමාත්‍යංශ බෙදපු එකනේ. දැන් එහෙම නොවෙන කොට ඔබලාට දුක ඇති. එත් රට වැසියන් විදයට අපට මේ රටේ නිදහසේ ජීවත්වෙන්න ලැබුන එකම හොඳටම ඇති. අපගේ දු දරුවන් පියවරුන් ගෙදර එනතුරැ විශ්වාසයකින් දැන් බලාගෙන ඉන්නවා.

:       0       0

Jehaan Tuesday, 01 May 2018 12:11 PM

සමහරුන් කවදාවත් වයසේ හැටියට, දේශපාලන පරිනත භාවය තියා සාමාන්‍ය නුවන පාවිච්චි කරලා ළමා කතා කියන එකවත් නවත්ත ගන්න බැරිවීමේ විද්‍යාත්මක භාවය ගැන අපි මේ කල්පනා කරන්නේ .

:       0       1

සෙනෙවි Tuesday, 01 May 2018 02:52 PM

මෙතුමා ගෙන් උපදෙස් ගන්න

:       0       1

Chanak Los angeles Tuesday, 01 May 2018 03:57 PM

මොහු මේවා කියන්නේ කාටද මොවුන් කාලයේ කරතිබෙන දුෂණයන් බලනවිට මොවුන්ට කතාකරන්න නොවේ පුළුවන් ස්වාසිලන්තයට ගොසින් හැංගිලා ඉන්නයි ...

:       0       1

V.warnakulasuriya Tuesday, 01 May 2018 06:00 PM

සිරගත වියයුතු බොහෝදෙනා කලවැද්දට පුදුම බයකි. මේ බිය නිසාම වරෙක ඔහුව කූඩු කරන ලදී. කලවැද්දට මෙතරම් බියවීමට හේතුව කුමක් නිසාද යන්න ජනතාව තේරුම් ගත යුත්තකි.

:       0       1

saranga Wednesday, 02 May 2018 04:36 AM

අනේ නරකද ඔයා විශ්‍රාම ගතහොත්...

:       0       2

Pohottu Bamunaa. Wednesday, 02 May 2018 09:15 AM

ඔය විද්‍යාත්මක ක්‍රමේටම විභාග ලියන්නත් කටයුතු කරොත් හොඳයි නේද.?

:       0       14

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 860 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 969 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 392 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site