නාලක සංජීව දහනායක
නීතිය හා සාමය භාර අමාත්‍යවරයාගේ බල ප‍්‍රදේශයට අයත් කතරගම පූජා භූමියේ සිදුවූ වෙඩිතැබීමෙන් රටේ පවතින ආරක්‍ෂාවේ දුර්වලතාවය මැනවින් පෙන්නුම් කෙරෙන බව ඒකාබද්ධ විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අද (13) පැවසීය.
එහිදී මන්ත‍්‍රීවරයා මෙසේද කීය.
කතරගම පූජා භූමියේ වෙඩි තැබීමක් සිදුවුණේ පළමු වතාවටයි. මේක කිසිසේත්ම අනුමත කරන්න බැහැ. පසුගිය පාලන සමයේ දී පාතාලය සී සී කඩ විසිරිලා තිබුණා. සමහර පාතාල නායකයන් විදෙස්ගත වුණා. නමුත් මෙම රජය යටතේ ඒ පාතාලය නැවත මේ රටට ආනයනය කළා. ඒ නිසා අද රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය යට ගිහිල්ලා ප‍්‍රඩන්ඩත්වය ඉස්මතුවෙලා. පේ‍්‍රමදාස යුගයේදීත් මේ ආකාරයට පාතාලය හිස එසෙවුවා. රජයේ අවශ්‍යතාවය මත පාතාලය ක‍්‍රියාත්මක වන බවද මන්ත‍්‍රීවරයා කීය.
ඒකාබද්ධ විපක්‍ෂය විසින් බොරැල්ල, ආචාර්ය එන්.එම් පෙරේරා කේන්ද්‍රයේ පැවැත්වූ මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
COMMENTS
ඒක නේන්නං. අර ලසන්තට වෙඩි තිබ්බ කාලේ වගේමයි. වෙනසකට කියලා කියන්න දෙයක් තියෙනවා නම් තියෙන්නේ දැන් ඒ ගැන බයක් හැකක් නැතුව ඕනෑම කෙනෙකුට ඕනෑම දෙයක් කියන්න පුළුවන් කමක් තියෙන එක විතරයි.
මෙන්න මෙතුමා ඒකෙන් දේශපාලන වාසි ගන්න හදනවා. දැන් අයගේ වැරදි ඇති .ඒත් ඒ කාලෙට වැඩිය බොහොම හොඳින් නීතිය ක්‍රියාත්මක වෙනවා. රටේ ජනාධිපතිගේ කාර්ය මණ්ඩල ප්‍රධානියාවත් අල්ලස් එකෙන් ඇල්ලුවා. ඒ කාලේ එහෙම දෙයක් කරා නම්.?
මෙතුමා කියන ලෙසට දේවාලේ කපුවා පසුපසත් පොලිස් කාරය බැගින් යොදවන්න ඕනේ. කවුද හිතන්නේ දේවාලේ කපුවා මහා දවාලේ වෙසල් එකෙන් ගිහින් හාමුදුරුවන්ට වෙඩි තියාවි කියලා,
මෙයත් ජෝකර් කෙනෙක් වෙලා රාජපක්ෂ යුගයේදී චන්ඩි මල්ලිව ඝාතනය කළේ රහස් පොලිස් මූලස්ථානය ඉදිරිපිට ලසන්තව ඝාතනය කළේ තමන්ගේ කාර්යාලය ආසන්නව... මේ දෙකම වුනේ මහදවල් කොළඹ නගරය හා තදාසන්න ප්‍රදේශවල... ඒ කාලේ රටේ ආරක්ෂාව හා නීතිය හා සාමය ගැන මෙයාට තව ඔන තරම් දේවල් මතක් කරලා දෙන්න පුළුවන්... ඒත් වැඩක් නැහැ ලැජ්ජා නැතිකම මන්ත්‍රීකමටත් වඩා ලොකු බව මේ උන්නැහේලා පෙන්වලා ඉවරයි.
මෙතුමා හිතාගෙන ඉන්නේ අපි මැරිලා ඉපදුනා කියලා.
කිරිවෙහෙර නාහිමිට වෙඩි තැබූ කපුවාගේ මෝටර් රථය අත්අඩංගුවට...
එතකොට ලසන්ත මහත්තයා ගැන මොකක්ද කියන්නේ?
මම හිතන් හිටියේ අර 100 නෝට්ටු කාරය විතරයි මේ වගේ බූරු කතා කියන්නේ කියල.
පාර්ලිමෙන්ට් එකේ හාමුදුරුවන්ට ගහනකොට කතා කරේ නැත්තේ අැයි???