IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


කොත්මලේ වාන් දොරටු තුනක් විවෘතයි : මහජනතාවට අවධානයෙන් සිටින්නැයි උපදෙස්

 (රංජිත් රාජපක්ෂ සහ ශාන්ත චන්ද්‍රසිරි  )

                                                                          
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට තවදුරටත් ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු තුනක් අද (15) අලුයම සිට ස්වයංක්‍රියව විවෘත වි ඇත.

එම වාන් දොරටු විවෘත විමත් සමඟ කොත්මලාඔයේ ජල මට්ටම ඉහළ යාම නිසා සෙන්ක්ලෙයාර් දිය ඇල්ලේද ජල ධාරිතාව ඉහළ ගොස් ඇත.

ඉහල කොත්මලේ ජලාශයේ ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් වැසි ලැබුණ හොත් එම ජලාශයේ සෙසු දොරටුද ස්වයංක්‍රියව විවෘත වන නිසා ඉහළ කොත්මල ජලාශ වේල්ලට පහළින් ගග දෙපස පදිංචිකරුවන් සැලකිලිමත් ලෙස සිටින ලෙස විදුලි බලාගාර ඉංජිනේරුවන් ඉල්ලා සිටියි.

ලක්ෂපාන ජලාශයේද වාන් දොරටු තුනක් අද අලුයම සිට විවෘත කිරිම නිසා කැලණි ගගේ ජල මට්ටම ඉහළ ගොස් ඇත.

පවතින අධික වර්ෂාවත් සමගම හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ තලවකැලේ දුම්රිය හරහ් මාර්ගයට  යාබදව ප්‍රධාන මාර්ගයට   පස් කන්දක් කඩා වැටිමෙන්  එම මාර්ගයේ රථ වාහන ධාවනය එක් මං තිරුවකට සිමා  කර ඇත.

හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ෂැනන් වත්ත ප්‍රෙද්ශයේ ප්‍රධාන මාර්ගයට ගසක් කඩා වැටිමෙන් එම මාර්ගයේද ගමනා ගමන කටයුතුද එක් මං තිරුකට සිමා කර තිබේ.

හැටන් වැලිඔය අග්‍රඔය ප්‍රදේශයේ පහත් බිම් රැසක් පවතින වර්ෂාවත් සමඟ යට වි ඇති අතර ල කාසල්රී සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටමද පිටාර මට්ටම පැමිණ ඇති බව  විදුලි බල මණ්ඩල කියයි.



අදහස් (0)

කොත්මලේ වාන් දොරටු තුනක් විවෘතයි : මහජනතාවට අවධානයෙන් සිටින්නැයි උපදෙස්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 379 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 224 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site