(චන්දන ප්‍රනාන්දු)
කොළඹ හලාවත මාර්ගයේ නයිනමඩම පල්ලිය හන්දිය ප%දේශයේදි කාන්තාවක් විසින් පැදවු ලොරියක හැපී පුද්ගලයකු මියගොස් ඇතැයි වෙන්නප්පුව පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ නයිනමඩමේ පදිංචි වර්ණකුලසූරිය අඩප්පගේ එව්සස් ඇන්ටනි ප්‍රනාන්දු නමැති අවිවාහකයෙකි.
ආණමඩුව සිට හෝමාගම දක්වා ගමන් කරමින් තිබූ ලොරියට බ්‍රහස්පතින්දා(13) රාත%s 9 ට පමණ මාර්ගයේ වම්පසින් ගමන් කරමින් සිටි පුද්ගලයා යටවී ඇති අතර වාහනයේ ගැටි බරපතල තුවාල ලබා සිටි ඔහු අනතුර සිදු වු ලොරි රථයේම දමාගෙන මීගමුව රෝහලට ගෙන ගොස් ඇත.
රෝහලට ඇතුළු කරන විටත් ඔහු මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග කියයි.
COMMENTS
අනතුරක් වුනාම පදවපු කෙනා ගෑනුද පිරිමිද කියන එක වැඩක් නැනේ. ඇයි කාන්තාවන් වාහන පදවන එක අවුල්ද?
සමන්, ඔබ නිවැරදියි. මම කලින් දවසකත් දොස් පැවරුවා. මෙම ලිපි ලියන පුද්ගලයින්, රියැලටි වැඩසටහන් මෙහෙයවන්නන් වගේ. කාන්තාවක් කියු සැණින්, අපි කාන්තාවන්ගේ රථ ධාවනයට විරුද්ධව අදහස් පලකරයි කියන නීච සිතුවිල්ලෙන් තමා ප්‍රවෘත්තිය පළකරන්නේ. අනතුරු සිදුවිය හැකියි. වම්පසින් ගමන් කළ පුද්ගලයා කියන්නෙ කුමකට සාපෙක්ෂවද යන්න දක්වා නැහැ. රථය ගමන් ගත් පස නම් අනතුරක් සිදුවීමේ සම්භාවිතාවය අනෙක් පසින් ගමන් කිරීමය වඩා වැඩියි (පදික වේදිකාවක් නොමැතිනම්). මටනම් පෙනෙන විධියට වෙනත් රියදුරන්ට වඩා ස්ථානෝචිත ප්‍රඥාවෙන් මෙම කාන්තාව කටයුතු කර තිබෙනවා. තුවාලකරු රෝහලක් වෙත ගෙනයන්න. මෙය අනෙක් රියදුරන්ට ආදර්ශයක් බව නිසැකයි. අනතුරට අදාල දඬුවමද ඒ ආකාරයෙන්ම පිළිගනු ඇති.
කාන්තාවක් ලොරියක් එලවනවා කියා අහලවත් නැහැ. නමුත් බලාගෙන යනකොට එයත් වෙන්නප්පුවේ. බලනකොට ගැහැණු හරි හරි වැඩ තමයි කරන්නේ.
පිටිගල මිලානෝ ජිවත්වෙන්නේ ඉතාලියේද? එහෙම නැත්නම් කාන්තාවන්ට නීතියෙන් වාහන පදවන්න තහනම් සෞදි අරාබියේද ? මම ජිවත්වන ජර්මනියේ වෘත්තියක් වශයෙන් සැහැල්ලු වාහන, බරවාහන, බස්රථ පදවන කාන්තාවන් සිටිනවා. ලංකාවේ අපි අපේ පැරණි ආකල්ප වෙනස් කර ගැනීමට කාලය පැමිණ ඇත.