මීතොටමුල්ල කුණු කන්ද නාය යාමෙන් මිය ගිය අයකු වෙනුවෙන් රුපියල් ලක්ෂයක වන්දියක් ලබාදෙන බව මුදල් අමාත්‍යංශය පවසයි.

සිදුවූ දේපළ හානි තක්සේරු කර රුපියල් ලක්ෂ 25 දක්වා උපරිම වන්දියක් ලබාදීමට කටයුතු කරන බවත් මුදල් අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

වත්මන් රජයේ වැඩපිළිවෙළක් අනුව මෙරට සෑම පුරවැසියකුටම හිමි ජාතික රක්ෂණ භාර අරමුදලේ ආපදා රක්ෂණයක් යටතේ මෙම වන්දි පිරිනැමීමට නියමිත බව මුදල් අමාත්‍යංශය සඳහන් කළේය.