( දිල්රුක්ෂි ග්‍රේරු)
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන මේ වන විට බන්ධනාගාරගත කර සිටින කුඩු රොෂාන් නැමැත්තාගේ බිරිඳ සහ තවත් පුද්ගලයෙක් හෙරොයින් සමඟ අද (27) අත්අඩංගුවට ගෙන තිබේ.
කුඩු රොෂාන්ගේ බිරිඳ වන ‘අරුණි බබා‘ සහ ‘තෙල් චූටි ‘ නැමැත්තෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
ඔවුන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔවුන් සතුව තිබු හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍යන්හි වටිනාකම ලක්ෂ 14 ක් පමණ වෙතියි පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි
පොලිස් විශේෂ කාර්ය බළකාය කළ මෙහෙයුමකදී මට්ටක්කුලිය සහ මහර ප්‍රදේශයන් වලදී මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ.
තෙල් චූටි නැමැත්තා කුඩු රොෂාන් නැමැත්තාට අයිති බව කියන මහර නිවසේදී සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුට හෙරොයින් ජාවාරම් මෙන්ම පුද්ගල ඝාතන සම්බන්ධයෙන්ද නඩු කිහිපයක් පවතින බව පොලීසිය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලතීෆ් මහත්තයාට සේවා දිගුව දීපු එකේ වටිනාකම! ලතීෆ්, ශානි වගේ පොලිස් ප්‍රධානීන් තව කීප දෙනෙක්වත් හිටියා නම් රට ගොඩ...