IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


කැඩී බිඳී ගිය බුද්ධ ප්‍රතිමා ආදහන පූජෝත්සවයක් බෙලිඅත්තේදී


(අනීෂා මානගේ)
කැඩී බිඳී ගිය බුද්ධ ප්‍රතිමා ආදාහනය කිරීමේ වැඩසටහනක් බෙලිඅත්ත හත්බෝධිය ශ්‍රී විජය බෞද්ධ මධ්‍යස්ථානයේදී පැවැත්විණි. 
හම්බන්තොට දිස්ත්‍රික්කයේ නිවාස වල හා විහාරස්ථානවල තිබූ කැඩී බිඳී ගිය බුද්ධ ප්‍රතිමා එකතුකර බෙලිඅත්ත හත්බෝධිය ශ්‍රී විජය බෞද්ධ මධ්‍යස්ථානයේ තැන්පත්කර සෑයක් ඉදිකර සුදුහදුන් දර භාවිතා කර භික්ෂූන් නමක ආදාහනය සිදුකරන ආකාරයෙන්ම මෙම ප්‍රතිමා ආදහනය කිරිමට  සියලු කටයුතු සංවිධානය කර තිබිණි.  

හත්බෝධිය ශ්‍රී විජය බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති හිමියන් වන නලගම ධම්මවංශ ස්වාමීන්වහන්සේ විසින් මෙම වැඩසටහන සංවිධානය කර තිබු අතර  හම්බන්තොට දිස්ත්‍රික්කයේ විහාරස්ථාන වල පුවරුවක් ප්‍රදර්ශනය කිරීම මගින් ජනතාව දැනුවත් කර ප්‍රදේශයේ නිවාස වල හා විහාරස්ථාන වල තිබූ කැඩුණු බුද්ධ ප්‍රතිමා එකතුකිරීම සිදුකර ඇත. 

මෙවැනි ආදාහන පූජෝත්සවයක්  ලංකාවේ සිදුකළ පළමු අවස්ථාව මෙය බව හත්බෝධිය ශ්‍රී විජය බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති  ධම්මවංශ හිමියෝ පැවසූහ.


දම්මුල්ල ශ්‍රී සුදර්මාරාම විහාරාධිපති දම්මුල්ලේ පියරතන හිමියන්, අරන්වෙල පුරාණ විහාරයේ විහාරාධිපති අරන්වෙල ඉන්ද්‍රසාර හිමියන්, බෙලිඅත්ත අභිනවාරාමයේ විහාරාධිපති බෝලානේ ආනන්ද හිමියන්, බෙලිඅත්ත පඤ්ඤාසාර පිරිවෙනෙහි විහාරාධිපති මොරයායේ කශ්‍යප හිමියන් හා ප්‍රදේශයේ විහාරස්ථාන වල විහාරාධිපතිහිමිවරු විශාල පිරිසක් මෙම වැඩසටහනට සහභාගී වුහ.  ශ්‍රී විජය තරුණ එකමුතුව මගින් මෙම වැඩසටහන සදහා දායකත්වය සැපයීය. 



අදහස් (8)

කැඩී බිඳී ගිය බුද්ධ ප්‍රතිමා ආදහන පූජෝත්සවයක් බෙලිඅත්තේදී

ලුම්බිණි Tuesday, 01 May 2018 07:12 AM

අනේ දෙවියනේ.

:       0       0

dileepa Tuesday, 01 May 2018 07:15 AM

හිනාවෙන්නද අඩන්නද කියල මට නම් තේරෙන්නේ නෑ...............

:       0       0

sumith Tuesday, 01 May 2018 07:24 AM

කොච්චර හොඳ දෙයක්ද? අපේ ගෙදරත් තියෙනවා. අනේ අපේ හාමුදුරුවනේ ඔය වගේ දෙයක් අපිත් කරමු. මට කැඩුණු බුදු පිළිම වහන්සේලා තියාගන්න තැනක් නැහැ. තැන තැන මහමග දාන්නත් බැහැ.

:       0       0

Srinith mallawarachchi Tuesday, 01 May 2018 08:32 AM

මේකයි මගෙ බරබාගේ.. පැයට සැතපුමයි වේගේ.. ඔහෙලා හඳට යන්න හදනවා..

:       0       0

appuhamy Tuesday, 01 May 2018 09:05 AM

ඉතා අගය කළ යුතු මෙහෙවරක්.

:       0       0

Nandalal DE SILVA - France Tuesday, 01 May 2018 09:36 AM

සෙත් ශාන්ති සඳහාත්, භාරහාර ඔප්පු කිරීම සඳහාත් රට පුරා පිහිටි විහාරස්ථානවලට භාරදෙන මෙවැනි පිළිම කැඩී බිඳී, අවුවැසි වලට බඳුන් වෙමින් එළිමහනේ "ගබඩා" කර තිබෙනවා දැකීම ඇත්තෙන්ම කණගාටුදායකයි.

:       0       0

නුමා Tuesday, 01 May 2018 09:43 AM

වැටත් නියරත් ගොයම් කයි නම් කාට කියම්ද ඒ අවනඩුව කිව්වලු...

:       0       0

duminda Tuesday, 01 May 2018 09:50 AM

ඉතාමත් කාලෝචිත ක්‍රියාවක්... හුඟ දෙනෙක්ට තමන්ගේ ගෙවල් වල තියෙන කැඩී ගිය පිළිම වහන්සේලාට කරන්න දෙයක් නැතුව ඉන්නවා. ඉවත දාන්නත් බෑ. තියා ගන්නත් බෑ..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 123 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 752 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site