(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මිල කළ නොහැකි ඉපැරණි වටිනාකමකින් යුත් රතු හා නිල් මැණික් ඔබ්බවන ලද දඹරන් පිළිමයක් සහිත කළුගලින් නිමවූ වෛත්‍ය අනුරුවක් රුපියල් කෝටි 55කට විකිණීමට උත්සාහ කළ හිටපු නාවික හමුදා සෙබළකු හා ත්‍රී රෝද රියදුරකු ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැව අසලදී අත්අඩංගුවට ගත් බව පානදුර වලාන දූෂණ මර්දන අංශය පවසයි.

කිලෝ 21ක බරින් යුත් චෛත්‍යයේ අභ්‍යන්තරයේ තවත් එවැනිම මැණික් ගල් රැසක් තිබෙන බවට දැනගන්නට ලැබී ඇත.

මෙය විදේශිකයකුට රුපියල් කෝටි 50කට විකුණන්නට සූදානම් බවට ලද තොරතුරක් මත පොලිස් නිලධරයකු හිමිනමක් සේ වෙස් වළාගෙන ගොස් එය මිලට ගැනීමට රුපියල් කෝටි 55ක ලංසුවක් ඉදිරිපත් කර ඇති අතර ඒ අනුව සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබේ.