(හර්ෂණ තුෂාර සිල්වා)
ඉකුත් වසර අවසන් වනවිට චීන සමාගම් ශ්‍රී ලංකාව තුළ එක්සත් ජනපද ඩොලර් බිලියන 15ක (ආසන්න වශයෙන් රුපියල් කෝටි 232,500ක්) යටිතල පහසුකම් ව්‍යාපෘති ක්‍රියාත්මක කර ඇතැයි මෙරට චීන තානාපති ෂෙන්ග් ෂියුවාන් මහතා කොළඹදී අද (23) ප්‍රකාශ කළේය.
“සහශ්‍රයේ සිට නව යුගයකට - ඒකාබද්ධව තීරයක් සහ මාවතක් ගොඩනගමු - ශ්‍රී ලංකා සිහිනය වැළැඳගමු” යන මැයෙන් මෙරට චීන තානාපති කාර්යාලය සංවිධානය කළ සමුළුවේදී අදහස් දක්වමින් චීන තානාපතිවරයා එම කරුණු පැවැසීය.
පසුගිය 2017 වසර අවසන් වනවිට චීන සමාගම් ප්‍රවාහන, ජල, විදුලිබල, වරාය සහ තවත් ක්ෂේත්‍ර රැසක් ආවරණය වන පරිදි ශ්‍රී ලංකාව තුළ එක්සත් ජනපද ඩොලර් බිලියන 15ක (ආසන්න වශයෙන් රුපියල් කෝටි 232,500ක්) යටිතල පහසුකම් ව්‍යාපෘති ක්‍රියාත්මක කර ඇතැයි සමුළුවේ මුඛ්‍ය දේශනය කරමින් මෙරට චීන තානාපතිවරයා කීය.
කොළඹ චීන තානාපති කාර්යාලයේදී මෙම සමුළුව පැවැත්විණි.
එහිදි තවදුරටත් අදහස් දැක්වූ චීන තානාපති ෂෙන්ග් ෂියුවාන් මහතා මෙසේ ද කීය.
“ශ්‍රී ලංකාවත් චීනයත් අතර ආර්ථික, සංස්කෘතික සබඳතා වසර සිය දහස් ගණනක් ඈතට යනවා. සාමය, සංවර්ධනය සහ එකිනෙකාගේ යහපත උදෙසා එකිනෙකාගේ අවබෝධය ඇතිව ශ්‍රී ලංකාව සහ චීනය එක්ව කටයුතු කර තිබෙනවා.
ශ්‍රී ලංකාවට ජාතික සංවර්ධනය උදෙසා අවස්ථාව ලැබෙන ඕනෑම අවස්ථාවකදී චීනය ශ්‍රී ලංකාවට උපකාර කරනවා. ශ්‍රී ලංකාව පිහිටා තිබෙන්නේ සුවිශේෂී භූගෝලීය පිහිටීමක. ඒ වගේම ශ්‍රී ලංකාව පුළුල් සංවර්ධන අවස්ථාවක් සහ අනාගතයක් තිබෙනවා. ජාතික වර්ධනය, ජාතික සංවර්ධනය, වාර්ගික සමගිය, ආගමික සහයෝගීතාව යනාදි ශ්‍රී ලාංකික සිහිනයක් ශ්‍රී ලංකාවේ ආණ්ඩුව සහ ජනතාව සතු වෙනවා. එම සිහිනය චීනයේ එක් තීරයක් එක් මාවතක් ව්‍යාපෘතිය සමඟින් හොඳින් පෑහෙනවා. මානව වර්ගයාගේ පොදු යහපත උදෙසා අප සියලු දෙනාට එක්ව වැඩ කළ හැකියි. ශ්‍රී ලංකාව චීනයේ එක් තීරයක් එක් මාවතක් ව්‍යාපෘතියේ වැදගත් පාර්ශවකරුවෙක්”.
ඡායාරූප චතුර එස් කොඩිකාර




COMMENTS
ඉදිරියෙන්ම "රට ඇම්ඩන්ලාගෙන්" කෙනෙක් ඉන්න නිසා මේ "ලැබෙනවා කියන" යෝජනාවලින් රටට වැඩක්වේද යන්න සැක සහිතයි.
ලංකාව දැන් සුරපුරයක්.
මේ ඩොලර් බිලියන පහලොවෙන් බිලියන කීයක් ඩුබායි ෂි සෙල්ස් හා සිංගප්පූර් බැංකු වල ඇති ලංකාවේ දේශපාලකයන්ගේ ගිණුම් වල හිරවෙලා ඇත්ද. ඩොලර් බිලියන පහලොවක වත්කම් මේ රටේ පෙන්වන්න 2005 සිට අද දක්වා රට පාලන කල දේශපාලකයන්ට හැකිද ?
ඉන්දියානු සාගර කලාපයේ රටවල් රාශියක චීනය සිය ආධිපත්‍යය තහවුරු කරගැනීමේ දීර්ඝ කාලීන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරමින් ඉන්නා බව ඉතාම පැහැදිලියි. මේ රටවල් අතර ශ්‍රී ලංකාව ඉතාම වැදගත් සන්ධිස්ථානයක් ලෙස පිහිටා තිබෙන බැවින් ලංකාවේ මොන ආණ්ඩුවක් පත්වුවත් චීනය තමන්ගේ අවශ්‍යතාවය සඳහා සහායකයෙකු ලෙස මැදිහත්වීම නවත්වන එකක් නැහැ. මත්තල ගුවන්තොටුපල සහ මාගම්පුර වරාය මේ ක්‍රමවේදයේ හොඳම උදාහරණයි. චීන රජය විසින් එවැනිම ව්‍යාපෘති බංග්ලාදේශය, පකිස්තානය, යේමනය, එරිට්‍රියාව, සෝමාලියාව, කෙන්යාව, ටැන්සානියාව, මොසම්බීක් වැනි රටවලද ක්‍රියාත්මක කරඇත.
ඒ සැරේ මුළු රටම චීනට විකුණන්න වගේ.
ඔබ විසින් නිවැරදි අදහස් ඉදිරිපත් කිරීම ගැන ඔබට ස්තුති වන්ත වෙන්නෙමු. ඉන්දියාවත්, ලෝක පොලිස්කාරයත් වැඩියෙන්ම මාන බලන්නේ තිකුණාමලය ප්‍රදේශය අශ්‍රිතව බවත් කිවයුතුය.
ඔය ඔතන ඉන්න අය කොච්චර පිල්ලි ගහල ඇත්ද?නීල හොරෙක්
මේ ලංකා ඉතිහාසයේ ශ්‍රී ලංකාවට උදව් කරපු සහ කරන එකම රට චීනයයි. අනිත් රටවල් වලින් අපේ රටට ඇවිත් ඉන්න අය අපිට උදව් කරන මුවාවෙන් මොනවද කරන්නේ? ලංකාවට ආපු දවසේ ඉඳලම කුඩු ජාවාරම් වල සහ මැණික්ගල් ජාවාරම්. ඒක නිසා අපි මේ චීන ජාතිකයන් සමග අපේ රට ඉදිරියට ගෙනයා යුතුයි. ඇමෙරිකාවට සහ අනිත් රටවල්වලට වඩා. චීනයත් සමග අපේ ආර්ථික සහ කර්මාන්ත දියුණු කරගැනීම අපේ රටට අතිවිශිෂ්ට මුල පිරීමක් .