(නිමන්ති රණසිංහ)
රුපියල් කෝටි දෙකක අල්ලස් සිද්ධියට අදාලව හිටපු ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී ආචාර්ය කුසුම්දාස මහානාම සහ හිටපු රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක යන දෙදෙනා ලබන 19 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේය.
මෙම සිද්ධියට අදාළව දින 30 ක් රක්ෂිතබාරයේ පසුවන මෙම දෙදනා සම්බන්ධයෙන් ඇප නියෝගය එදිනට ප්‍රකාශ කරන බවද මහෙස්ත්‍රාත්වරයා අධිකරණයට දැනුම් දුන්නේය.
කන්තලේ සීනි සමාගමට අයත් යන්ත්‍ර සුත්‍ර පවරා දිම සඳහා ඉන්දීය සමාගමක අනුමැතිය ලබා දීමට රුපියල් මිලියන 540 ක් මුදලක් ඉල්ලා ඉන් රුපියල් මිලියන 20ක් ලබා ගත්තැයි ඔවුන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් චෝදනා නඟා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd